Athula Adikari & Samitha Mudunkotuwa - Kalambe Tharanga Songtexte

Songtexte Kalambe Tharanga - Athula Adikari , Samitha Mudunkotuwa




කැළඹී තරංගා පෙම් සාගරේහි
මැකිලා අපේ රූප ඡායා
දවසක් සැඳෑවේ
අපි මූදු වැල්ලේ
ඇන්දා වූ පේම ඡායා
කාලය ඉගිල්ලී
කඳුලින් ලියාදුන්
සැමරුම් අපේ
ආදරේ යයි මැකී
සුසුමක් සුදම් වී
හමනා රැයේ
ඔබගේ සුගන්ධේ
යම්තම් දැනේ මේ පාළු රෑ
කැළඹී තරංගා පෙම් සාගරේහි
මැකිලා අපේ රූප ඡායා
දවසක් සැඳෑවේ
අපි මූදු වැල්ලේ
ඇන්දා වූ පේම ඡායා
අප දෛවයෝගේ
ඉරණම් මෙසේනම්
අපි නාඬමු ජීවිතේ මංපෙතේ
අපරාජිතයි කිව් ප්රේමෙන් බැඳී
දිනුවේද කවුරුන් කවදාක හෝ සිතුවා සේ
කැළඹී තරංගා පෙම් සාගරේහි
මැකිලා අපේ රූප ඡායා
දවසක් සැඳෑවේ
අපි මූදු වැල්ලේ
ඇන්දා වූ පේම ඡායා



Autor(en): Ajantha Ranasinghe, Stanley Peiris



Attention! Feel free to leave feedback.