Lyrics Sonduru Siththam (feat. Charitha Attalage) - Ridma Weerawardena
මුවගේ හස කැන් දිලුණේ
නෙතගේ කඳුළැල් නිවුණේ
හදෙහී පැතුමන් පිපුණේ
සැනසූ වදනින් දෙඩුවේ
දසුනින් නොමැකී රැඳුණේ
රිදෙනා සිත ම යි හැදුණේ
නොබිඳී සසරේ බැඳුණේ
ඇසුරේ ඔබ ම යි පැතුවේ
එකසේ දෙහදක් පිදුණේ
ආදරෙන් මා වෙලා
සොඳුරු සිත්තම් යොදා
සිහිනයක මා තබා
ඇරයුම් කළා
විකසිතව ළං වෙලා
සුවඳකට මුසු වෙලා
රහස කොඳුරා ගියා
ඔච්චම් කළා
නොගැයූ කවියක් වාගේ
නොලියූ පදවැල් මාගේ
මේ දිවි ගමනේ
ඔබගෙනි ඇසුණේ
මතකේ රඳවා
සොඳුරු ම යාමේ
හමනා පවනක් වාගේ
සිසිලයි ඔබ ගෙන ආවේ
කතරට වැටෙනා
පොද වැහි වාගේ
දෙහදක් පතලා
සිත් මල් යාමේ
පියමැන අපි යමු
පැහැසර යාමේ
ආදරෙන් මා වෙලා
සොඳුරු සිත්තම් යොදා
සිහිනයක මා තබා
ඇරයුම් කළා
විකසිතව ළං වෙලා
සුවඳකට මුසු වෙලා
රහස කොඳුරා ගියා
ඔච්චම් කළා

Attention! Feel free to leave feedback.