Sanath Nandasiri - Lassana Nam - Radio Version paroles de chanson

paroles de chanson Lassana Nam - Radio Version - Sanath Nandasiri




ලස්සන නම් නෑ පෙනෙන්නේ
ඉස්සර සුවඳයි දැනෙන්නේ
ලස්සන නම් නෑ පෙනෙන්නේ
ඉස්සර සුවඳයි දැනෙන්නේ
එදා සොඳුරු පිය දසුන්
මෙදා සිහිනයකි කසුන්
මතක් වුණත් අමිල සතුටකි
ලස්සන නම් නෑ පෙනෙන්නේ...
උකුල් තලා සලා ආ නාරිලතාවෝ
අමල් සිනා නැගූ රන් චාරු ලතාවෝ
උකුල් තලා සලා ආ නාරිලතාවෝ
අමල් සිනා නැගූ රන් චාරු ලතාවෝ
වැයූ වගේ හවුල් වී
ගැයූ රඟේ කොවුල් ගී
වියේ යොවුන් ළඳුන් කොහේදෝ
ලස්සන නම් නෑ පෙනෙන්නේ
ඉස්සර සුවඳයි දැනෙන්නේ
එදා සොඳුරු පිය දසුන්
මෙදා සිහිනයකි කසුන්
මතක් වුණත් අමිල සතුටකි
ලස්සන නම් නෑ පෙනෙන්නේ...
සවන් පුරා පිරීලා වස් දඬු රාවේ
සුසුම් හෙලයි සිතාරේ නෙත් යුග නෑවේ
සවන් පුරා පිරීලා වස් දඬු රාවේ
සුසුම් හෙලයි සිතාරේ නෙත් යුග නෑවේ
සිතූ සිතුම් සිඳීලා
පැතූ පැතුම් බිඳීලා
ජීවිතේ ගමන් විලාසේ
ලස්සන නම් නෑ පෙනෙන්නේ
ඉස්සර සුවඳයි දැනෙන්නේ
ලස්සන නම් නෑ පෙනෙන්නේ
ඉස්සර සුවඳයි දැනෙන්නේ
එදා සොඳුරු පිය දසුන්
මෙදා සිහිනයකි කසුන්
මතක් වුණත් අමිල සතුටකි
ලස්සන නම් නෑ පෙනෙන්නේ...



Writer(s): Sarath Dassanayake, Karunarathna Abeysekare



Attention! N'hésitez pas à laisser des commentaires.