Chamika sirimanna - Wen Wee Dan текст песни

Текст песни Wen Wee Dan - Chamika sirimanna




වෙන් වී දැන් යන්න ඉතින් වෙන් වී යන්නම ඕනෙම නම්
කීරි ගැහෙයි හඬන සුසුම් ඉවසුම් නෑ මේ පපුවට දැන්
මා වෙනුවෙන් මැව්ව සෙනේ රහසේම කාටද පුදා
වෙන් වී දැන් යන්න ඉතින් වෙන් වී යන්නම ඕනෙම නම්
මගෙ සිහිනේ ඉඩ ඉල්ලා පෙරදා ඔබමයි පිය මැන්නේ
පෙම් පහසේ වෙළී ඉඳලා කෙළෙසද අද මා හැර යන්නේ
සෙනෙහසින් පෙර එදා මගෙ වෙලා උන් ඔයා
අද මෙසේ වෙන් වෙලා මා දමා යයි ඔයා
පෙම් සිහිනේ දුක රන්දා ගියාට කම් නෑ සතුට සොයා
මගෙ සෙනෙහේ සිහිවේ නම් කවදා හෝ යළි එන්න සොයා
සෙනෙහසින් පෙර එදා මගෙ වෙලා උන් ඔයා
අද මෙසේ වෙන් වෙලා මා දමා යයි ඔයා
වෙන් වී දැන් යන්න ඉතින් වෙන් වී යන්නම ඕනෙම නම්
කීරි ගැහෙයි හඬන සුසුම් ඉවසුම් නෑ මේ පපුවට දැන්
මා වෙනුවෙන් මැව්ව සෙනේ රහසේම කාටද පුදා
වෙන් වී දැන් යන්න ඉතින් වෙන් වී යන්නම ඕනෙම නම්





Внимание! Не стесняйтесь оставлять отзывы.