Rudeboyray - BRUNAYA - перевод текста песни на английский

BRUNAYA - Rudeboyrayперевод на английский




BRUNAYA
BROWN GIRL
පමාවෙලා වුණත් එනවා වසන්තය
Even though it's late, spring will come
ඇස් ඇරගෙන බලපන් අනන්තය
Open your eyes and see the infinity
රඟ මඬලේ මේ අවසන් අංගය
This is the final act on the stage of life
ඈතින් ඇහෙනවා මට "පවන" ප්රසංගය
I hear the "wind" concert from afar
කඳුළු වැටෙනකොට වෙලා හිරිකඩ
When tears fall, becoming numb
පාරාදීසයේ මුවදොර පිණි මත
On the dew drops at the entrance of paradise
අඟුරකින් ලියන් වදනක් පරිනත
Writing a mature word with charcoal
පලක්කට්ටුව කියවන පාඨක පිරිසට
To the readers who decipher the puzzle
අත් උස්සන්න හෝරාව - කණ් පුපුරන්න ඝෝෂාව
It's time to raise your hands - the roar to deafen your ears
පුරවැසියන් ගෙ ඕරාව - ඇහැරිලා උන්
The citizens' roar - they've woken up
නිදන් හිටි කෝමාව...!
From the coma they were in...!
සංස්කෘතියත් අමුඩ රෙද්දක්,
Culture is just a loincloth,
කෙළෝගද්දී විලි වහන් කටමැත-දිව මැද්දත්
While shitting, they cover their shame - their tongues in the middle too
බෙදුනා ඇති නේද තියාන පැත්තක්, උලතිබ්බා නෙළුම් කුළුණේ ලක්
Haven't we been divided enough, sweetheart? They stabbed the Lotus Tower in the back
මෑණියන්ගේ පස්සත්
And mother Lanka's too
වඳ බෙහෙත් නෙවෙයි creativity මරලයි
It's not contraceptives, they killed creativity
උන් නිළීන කළේ අපේ ජාන
They suppressed our genes
උන්ගෙ මළපහේ කැටයම් දාන,
They carve designs on their own shit,
මල් ගවුමත් අවධාන ගණිකාවක් තාම
The flower dress is still a glamorous whore
තිබ්බා ලේ මස් ඇස්වටය උස trauma වලින් lock වුණා දොර පල්ලියෙත්
There was blood, flesh, heightened senses, but the door to the church was locked by that trauma
කලා කීර්ති අභිමානය බඩ වෙද්දි, කවර් කරන් කලාව කෑවා කටු බැල්ලියෙක්
Artistic fame is a belly dancer, covering up art, she ate thorns like a bitch
"සලාංහන්තේ" මැරිලා අද වෙද්දි කඩේ ගිහිල්ලා දාගෙන බහුශ්රැත caption
Is "Salanghanthe" dead today? Or did you go to the shop and put on an erudite caption?
වස්කවි බැරි නම් කම් නෑ "ගඟ දිගේ"
If you can't do Vaskavi, it's okay, "Along the River"
ඇවිත් සවුදමක්වත් කියපන්කෝ ජැක්සන්
Come and sing a Saudam, Jackson
හෘද සාක්ෂියේ අධිකරණයේ විත්ති කූඩුවට උන්ට නගින්න වේවි
They will have to climb into the defendant's cage in the court of conscience
කළු පාස්කුවේ මළ මිනිස්සුත් උඹලා අද හුළඟෙන් හුස්ම දේවී
The dead of Easter Sunday breathe on you today through the wind
කඳුළු නෙවෙයි ගලන්නේ ලේ රත්කරන් කම්මුල් තාමත් ඇස්වලින්
It's not tears that flow, it's blood, heating up the cheeks, still from those eyes
මැරිච්ච මිනිස්සු වැටෙන්න නොදී අල්ලගනියි උඹලා අද මතුවෙලා පස්වලින්
Holding up the dead, not letting them fall, they rise from the earth today to hold you accountable
ළංවෙද්දි ඡන්දයක්, ගුටි කෑවේ පිළිමයක් දේශපාලන සාක්ෂරතාවය nil නිසා
When an election approaches, an idol gets beaten because political literacy is nil
අවුලවන්නේ කොහොමද අප්පච්චී අද හැම එකාගෙම දෙවිගොල්ලො හෙණ fit නිසා
Dad, how do we fix it when everyone's gods are perfectly fit?
රෙද්ද පල්ලෙන් උන්ගෙ ජාත්යාලේ බේරෙද්දි
While their national flag is saved by the cloth,
රෙද්ද අස්සෙත් හිල් නිසා
There are holes in that cloth too
බුරන බල්ලන් thrill නොදී ඉඳන්,
Without giving a thrill to the barking dogs,
උන්ගෙ දෙයියා මොකා වුණත්
Whoever their god may be
අපේ එකා chill නිසා
Our guy is chill
බඩගින්නට නළුවෙක් කාපන්,
Let an actor starve,
උස් අසුන්වල හිස් මොළවලින් අහපන්
Ask the empty heads in high places
උපන්දා ඉඳන් හීන මරන රටේ මට
In a country that kills dreams from birth, tell me
කියපන් ඇයි ගබ්සා තහනම්.?!
Why is abortion forbidden?!
අමෝරන් දුක කීරි ගාන කිණිස්ස,
Sharpening sorrow like a knife blade,
ගෙනාවත් කඳුළු හැඟීම් නැති canister
Even if they brought tears, there's no emotion, just canisters
මුර දේවතා එළි පිරිස,
Guardian deities, a bright crowd,
තිබ්බා වෙඩි රාජ්ය සේවය පිණිස
Did they have bullets for public service?
උසිගන්නද්දී මිනිස්සු පස්සේ උන් Nazi
When they incite people, they're Nazis afterwards
බල්ලෝ uniform ඇඳි ත්රාඩයන්
Dogs, traitors in uniform
නිවහල් ශුක්රාණුවකින් සැදි යුක්තානුවකින් උපන්නා නව ප්රාණයන්
New lives were born from an idle sperm, a fitting womb
තුවක්කු බටවලට පණ නොමැති ඉඩ
Don't give life to gun barrels
දෙද්දි අමන පණ ඇති කෲරයන්
While giving space to senseless, cruel lives
කළකිරීමෙයි, අධිෂ්ඨානයෙයි ශේෂය විය
Disillusionment and determination were the remnants
මේ විමුක්තිකාමී භ්රෑණයන්
These liberation-seeking embryos
හැමදාම ඇවිදපු පාරේ අද ඇවිදින්නේ මං වෙනදට වඩා ගැම්මෙන්
On the same road I walked every day, today I walk with more vigor
රට ගැන, හෙට ගැන කතා කරන්නේ මං අද වෙනදට වඩා ඇම්මෙන්
I talk about the country, about tomorrow, with more love than usual today
තියාගනිව් තොපෙ සල්ලි, මං තියාගන්නම් මගේ ආත්මය
Keep your money, I'll keep my soul
මේ සාපය ඕනා නිමාවක්, ඒකයි
This curse needs an end, that's it
ඒකායන පරමාර්ථය
That's the sole purpose
එකමුතුකම හයියයි, එපා වෙන කිසිදෙයක් මට එක අවියක්වත්
Unity is strength, I don't need anything else, not even a single weapon
බැස්සෙ නැති උන් පාරට අඩුගානේ ලියපල්ලා එක කවියක්වත්
Those who haven't taken to the streets, at least write a poem
චිත්ර බැරිවුණත් මොකද අවුල? ඇඳපල්ලා කුරුටු බලියක්වත්
If you can't paint, what's the problem? Draw a doodle at least
සිංදු දන්නැත්තම් කෑ ගහපන්,
If you don't know the songs, scream,
හඬගාපන් අදාල නෑ මොන සෘතියක්වත්
Cry out, it doesn't matter what season it is
ආහ්! මේක ගමන්ක් අසීරු
Ah! This journey is difficult
ඔව්!! කෙළින් කරගනින් කශේරු
Yes!! Straighten your spine
හා!!! නොකා ඉන්න නම් කනේරු
Ha!!! To stay alive, you have to be cunning
Update නම් වෙන්න වෙයි මොළ නොමේරු
The immature brain must be updated
ජන පවුරක ගඩොලක් වෙයල්ලා
Become a brick in the people's wall
මර්ධනය පළිහක් වෙයල්ලා
Become a shield against oppression
එකාවන්ව එක හඬින් කියල්ලා
Saying in one voice together
"යටත්වැසියෝ - "පුරවැසියෝ" වෙයල්ලා
"Subjects - become "Citizens"
වර්ජනයට කළු කොඩි අරන්,
Taking black flags for the strike,
අපි වාරු නොමැති උන්ගේ අත්වලින් අල්ලන්
We hold the hands of the powerless
Barrier වලත් ribbon ගැට ගහන්,
Tying ribbons on the barriers,
මායිම් නොකර කුළී දඩ බල්ලන්
Ignoring the hired dogs
උන් හැම සමූල ඝාතන කළ,
They committed genocide,
අපේ හීනවල අයිතිය ඉල්ලන්
Demanding the right to our dreams
වරෙන් අපි යං - විරෝධය පාං,
Come, let's go - protest,
දහසක් අත් මැදගිල්ල උස්සලා අහස
A thousand middle fingers raised to the sky





Авторы: Rayviyan Floyd Driyon

Rudeboyray - BRUNAYA
Альбом
BRUNAYA
дата релиза
16-05-2022



Внимание! Не стесняйтесь оставлять отзывы.