Clarence Wijewardena - Ahasin Watena Lyrics

Lyrics Ahasin Watena - Clarence Wijewardena



අහසින් වැටෙනා පිනිබිඳු දිලිසේ
හිරු නැගෙනා මොහොතේ
රහසින් පිපෙනා වනමල් අතරේ
ඔබ ඇයිදෝ සැඟවී
ඔබ දැකගන්නට සිත මා ලත විය
කිමදැයි නාවේ සිත විමසයි
හද තැවුනාවේ එය රිදුනාවේ
සීතල උදයක මීදුම වී
අහසින් වැටෙනා...
පැවසිය නොහැකිද සිතේ කතාවන්
අඳුරේ තනිවී මුලා වෙලා
සැකයෙන් සෝකෙන් ගැලවිය නොහැකිද
රෑ තුන් යාමේ නිදිමරලා
අහසින් වැටෙනා...




Clarence Wijewardena - Clarence Sihiwatana, Vol. 10
Album Clarence Sihiwatana, Vol. 10
date of release
24-01-2014




Attention! Feel free to leave feedback.