Edward Jayakody - Ganga Thawama Tharunai Lyrics

Lyrics Ganga Thawama Tharunai - Edward Jayakody



ගඟ තවම තරුණයි, ජල තරංග හිනැහෙයි
ගඟ තවම තරුණයි, ජල තරංග හිනැහෙයි
ගංදෑල වල අපි කී කතා
ගඟ රැලි පවා මුමුණයි
ගඟ තවම තරුණයි...
සඳ තවම නිසලයි, කොඳ මල් නිදා නොඉඳී
සඳ තවම නිසලයි, කොඳ මල් නිදා නොඉඳී
රෑ අහස යට අපි කී කතා
තරුවැල් හෙමින් මුමුණයි
ගඟ තවම තරුණයි, ජල තරංග හිනැහෙයි
ගංදෑල වල අපි කී කතා
ගඟ රැලි පවා මුමුණයි
ගඟ තවම තරුණයි...
හද සොවින් සසැළෙයි, හැඟුමන් ඔබේ නිහඬයි
හද සොවින් සසැළෙයි, හැඟුමන් ඔබේ නිහඬයි
ගං දෑල මල් පාගා තලා
ඔබ නික්මුණා මතකයි
ගඟ තවම තරුණයි, ජල තරංග හිනැහෙයි
ගඟ තවම තරුණයි, ජල තරංග හිනැහෙයි
ගංදෑල වල අපි කී කතා
ගඟ රැලි පවා මුමුණයි
ගඟ තවම තරුණයි...



Writer(s): Rohana Weerasinghe


Edward Jayakody - Hirumandala
Album Hirumandala
date of release
19-12-2013




Attention! Feel free to leave feedback.