Prathap Eash - Thathparaya Lyrics

Lyrics Thathparaya - Prathap Eash



දෑඟිලි අතර ඔබේ
නොදැනිම දවස ගෙවේ
හුරතල් බැල්ම ඔබේ
උමතුයි මෙසිත මගේ
හෙට දිනක් නොසිතනා මොහොතක්
රැඳෙන්න දෙන්න හදේ මට තත්පරයක්
නපුරු වූ ලෝකෙන් මිදී
අපේම ලෝකෙක තනිවෙලා
ගෙවුණු ඊයේ දිනක්
හෙට දවසක හීනේ වෙලා
අරමුණක් නැති ගමනකයි ඔබ මා
තත්පරයත් කල්පයක් සේ දැනෙනවා
දෑඟිලි අතර ඔබේ
නොදැනිම දවස ගෙවේ
හෙටදින ඉර පායන තුරා
අන්ධකාරයක තනිවෙලා
රන් හුයන් හැම පසෙකලා
ඔබ කැඳවාගෙන යමි මෙමා
එරෙහි වුණත් ලෝකයක් අපට මතුදා
තත්පරයක් ඉවසමු අපි හිනැහිලා
දෑඟිලි අතර ඔබේ
නොදැනිම දවස ගෙවේ
හුරතල් බැල්ම ඔබේ
උමතුයි මෙසිත මගේ
හෙට දිනක් නොසිතනා මොහොතක්
රැඳෙන්න දෙන්න හදේ මට තත්පරයක්



Writer(s): Kareendra Eashwarage


Prathap Eash - Thathparaya
Album Thathparaya
date of release
19-03-2015




Attention! Feel free to leave feedback.