Dhanith Sri - Naukawa paroles de chanson

paroles de chanson Naukawa - Dhanith Sri



ඇදී යන්නේ මේ දිගන්තේ
මාරුතේ හැපී
මන්දාකිණි හමුවේවිදෝ
අහස් ගඟ තරණයේ
වසන්තේ දුරයිදෝ
කෙසේ හෝ ලංවේවිදෝ
අනන්තේ දකියිදෝ
නිම් තෙර හමුවන තුරා
නෞකාවේ
ගමනේ
නෞකාවේ
ගමනේ
තරමක උසට වැඩුණු හය හතරක ඇඟකට
උරුම කරුවෙකු නොවන මගෙ පපුවට
ලොකු පොඩි හැම දෙයක්ම දැනුනා
මග බලන බලන තැන හුස්මට දුවගෙන
තරුම හොයන් යන මේ දිවි ගමනක
කෙළවර එක බව මට දැනුනා
වසන්තේ දුරයිදෝ
කෙසේ හෝ ලංවේවිදෝ
අනන්තේ දකියිදෝ
නිම් තෙර හමුවන තුරා
නිමා වෙන්නේ මේ ජීවේ
රිද්මයකට හුරු වූ
හඹා යන්නේ මායාවේ
අතීතයම රැවටූ
වසන්තේ දුරයිදෝ
කෙසේ හෝ ලංවේවිදෝ
අනන්තේ දකියිදෝ
නිම් තෙර හමුවන තුරා
ගමනේ
නෞකාවේ
ගමනේ
නෞකාවේ
ගමනේ
නෞකාවේ
ගමනේ
ඇදී යන්නේ මේ දිගන්තේ
මාරුතේ හැපී



Writer(s): Dhanith Sri


Dhanith Sri - Naukawa
Album Naukawa
date de sortie
28-08-2018




Attention! N'hésitez pas à laisser des commentaires.