Dimanka Wellalage - Asai Pawasanna paroles de chanson

paroles de chanson Asai Pawasanna - Dimanka Wellalage



ආදර පිටපතක් ලිව්වා ඒක මගේ කතාව
ලස්සන පොඩි දෙයක් තිබ්බා ඒක ඔබේ හිනාව
ගැළපෙන අය හමුවෙනවා ඒක ලොවේ සොබාව
අවසානය වෙනස් වුණා ඒක අපේ වෙලාව
ආසයි පවසන්න ආයෙත් ළංවී ඉන්න
මියගිය ප්රේමයට පණ එන්න
සත්තයි මතු භවය වෙන් කරමි ඔබේ නමට
මියගිය ප්රේමයට පණ එන්න
මල් පෙති වාගේ සිනිදු දෑත මං තද කරගෙන අල්ලා
තොල් පෙති ගාවා කන් පෙත්තේ ඔබ කොඳුර කොඳුර උන්නා
යොවුන් සුවඳ රැඳි සුමුදු මුවග සිප ගනිමින් රස වින්දා
ආයෙත් ලෝකෙට යන්නට මට මගෙ හිත වද දෙන්නා
ආසයි පවසන්න ආයෙත් ළංවී ඉන්න
මියගිය ප්රේමයට පණ එන්න
සත්තයි මතු භවය වෙන් කරමි ඔබේ නමට
මියගිය ප්රේමයට පණ එන්න
නම් දෙක ලියලා තැන් තැන්වල අපි අපේ වෙන්න පතලා
හිමිවිය යුතු දේ අහිමි වෙලා යන විටදී නිහඬ වුණා
තනිකම ජීවිතයට ළංවී දැන් එයටම පුරුදු වෙලා
නුඹෙන් මිසක හොඳ ආදරයක් නෑ දෛවේ ලියවීලා
ආදර පිටපතක් ලිව්වා ඒක මගේ කතාව
ලස්සන පොඩි දෙයක් තිබ්බා ඒක ඔබේ හිනාව
ගැළපෙන අය හමු වෙනවා ඒක ලොවේ සොබාව
අවසානය වෙනස් වුණා ඒක අපේ වෙලාව
ආසයි පවසන්න ආයෙත් ළංවී ඉන්න
මියගිය ප්රේමයට පණ එන්න
සත්තයි මතු භවය වෙන් කරමි ඔබේ නමට
මියගිය ප්රේමයට පණ එන්න
ආසයි පවසන්න ආයෙත් ළංවී ඉන්න
මියගිය ප්රේමයට පණ එන්න
සත්තයි මතු භවය වෙන් කරමි ඔබේ නමට
මියගිය ප්රේමයට පණ එන්න



Writer(s): Dilshan L Silva, Lasitha Jayaneththi Arachchige


Dimanka Wellalage - Asai Pawasanna - Single
Album Asai Pawasanna - Single
date de sortie
18-02-2020



Attention! N'hésitez pas à laisser des commentaires.