Rathna Sri Wijesinghe feat. Gunadasa Kapuge - Bimbarak Senaga paroles de chanson

paroles de chanson Bimbarak Senaga - Gunadasa Kapuge , Rathna Sri Wijesinghe



බිම්බරක් සෙනග ගැවසුණු
චන්ද්ර සූර්යයා ඉපදුණු
ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ.
යුද්දෙකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වට කළේ මනරම් මාළිගාව කෝ.
ට්රැක්ටරේ යකඩ ගජසෙන්
කුංචනාදයෙන් ඇළලුණ
වෘක්ෂ දේවතාවුන් බිම වැටී පණ ගසයි
මිනී මල් පිපුණු සීතල
නිම්න භූමියේ ඇටකටු
සතර රියන් කඩ අහිමිව
විලාපය නඟයි.විලාපය නඟයි.!
බිම්බරක් සෙනග ගැවසුණු
චන්ද්ර සූර්යයා ඉපදුණු
ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ.
යුද්දෙකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වට කළේ මනරම් මාළිගාව කෝ.
කැලෑ මල් පිපී රතු තොල්වලින්
කෑ ගසා ඉල්ලන ජාතියේ නිධානය
රන් රුවන් කරඩු කොයි.
වෑකන්ද කඩා බිම් කටු
කම්බියෙන් බෙදා මේ රණ
බිමේ හිස ගසා දමනා
කඩුව බිම දමවු... කඩුව බිම දමවු...!
බිම්බරක් සෙනග ගැවසුණු
චන්ද්ර සූර්යයා ඉපදුණු
ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ.
යුද්දෙකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වට කළේ මනරම් මාළිගාව කෝ.



Writer(s): Gunadasa Kapuge, Rathna Sri Wijesinghe


Rathna Sri Wijesinghe feat. Gunadasa Kapuge - Kapuge Rathriya with Sakura Range
Album Kapuge Rathriya with Sakura Range
date de sortie
08-11-2000




Attention! N'hésitez pas à laisser des commentaires.