Samitha Mudunkotuwa - Ira Paya paroles de chanson

paroles de chanson Ira Paya - Samitha Mudunkotuwa



ඉර පායා - ඉර පායා
කළුවර හදකට අවපස සඳකට
ඉර පායා - ඉර පායා
අලුත් දවසකට නව මංපෙතකට
ඉර පායා - ඉර පායා
එදා මෙදා තුර බිය සැක රැන්ඳු
රුදුරු වෙසක් හද තුල නිති ඇන්ඳු
අඳුරු තිමිර පට ඉරා දිනින්ඳු
සොඳුරු හෙටක් සාදයි මන බැන්ඳු
ඉර පායා - ඉර පායා
කළුවර හදකට අවපස සඳකට
ඉර පායා - ඉර පායා
අලුත් දවසකට නව මංපෙතකට
ඉර පායා - ඉර පායා
ගිමන නිවන සිහිලැල් ගඟුලක් සේ
දසත දිවෙන මහනෙල් සුවඳක් සේ
දැවෙන ගතට සුවදෙන ඔසුවක් සේ
ඉර පායා ඇත අඳුර මියෙන සේ
ඉර පායා - ඉර පායා
කළුවර හදකට අවපස සඳකට
ඉර පායා - ඉර පායා
අලුත් දවසකට නව මංපෙතකට
ඉර පායා - ඉර පායා
ඉර පායා - ඉර පායා
ඉර පායා - ඉර පායා
ඉර පායා - ඉර පායා




Samitha Mudunkotuwa - Mutukumari
Album Mutukumari
date de sortie
31-12-2013




Attention! N'hésitez pas à laisser des commentaires.