Nirosha Virajini - Yali Hamuwemu текст песни

Текст песни Yali Hamuwemu - Nirosha Virajini



පෙති පුරා සුවඳ විහිදුණු
අනන්තයේ යළි හමුවෙමු
මල් පුරා බඹරු පියඹන
ලොවේ යළි හමුවෙමු
බිඳුණු සිත් සතන් සුව කළ
ආදරයෙන් යළි හමුවෙමු
මේ භවේ බැරි නම් ඉතින් අපි
මතු භවේවත් අපේ වෙමු
කතර සරු කළ දිය උල්පත අපි වෙමු
ගිරි දුර්ග මැදින් ගලනා සිසිල දිය අපි වෙමු
මහ මුහුද පෙම් බඳින ශීත ඉම ඔබයි නම්
සැඩ සයුරු රළින් පෙරළී වෙරලට සමු දෙමු
නිමක් නොමැති අහසේ උඩටම පියඹමු
මහ පොළවේ ඉඩ නැති නම් වලාවක අපි ඉමු
සැඩ වැස්සට නොතෙමී පිහාටුවක් ඉහළමු
මේ ආත්මයේ බැරිනම් මරණින් මතු හමුවෙමු
පෙති පුරා සුවඳ විහිදුණු
අනන්තයේ යළි හමුවෙමු
මල් පුරා බඹරු පියඹන
ලොවේ යළි හමුවෙමු
බිඳුණු සිත් සතන් සුව කළ
ආදරයෙන් යළි හමුවෙමු
මේ භවේ බැරි නම් ඉතින් අපි
මතු භවේවත් අපේ වෙමු




Nirosha Virajini - Yali Hamuwemu
Альбом Yali Hamuwemu
дата релиза
02-10-2017




Внимание! Не стесняйтесь оставлять отзывы.