Athula Adhikari - Ma Rawata Oya Songtexte

Songtexte Ma Rawata Oya - Athula Adhikari




මා රවටා ඔයා ඇස් කදුලින් තෙමා
ඔහු තුරුලේ වෙලී ඈත ගියා
ආදරේ කලාද මා මාගෙ පණමයි කියා එකදො දමා ගියේ කූඩුවෙන් එහා
පෙර සසරෙ පවට මැවුන මගෙ හීන සුන්වී ගියත්
ඉන්නවා නේද කොහේ හරි ලොවක හිනැහී හොදින්
නුඹෙ සතුටයි සැමදා ඕනෑ වුනේ ලදුනේ
ඉවසමි ඉතින් රහසේ කදුලැල් සදා
කදුලැල් සදා
වෙන්වෙලා යන්න හේතු තිබුනාද මාගේ අතින්
හිතට එකගයිද වැරදි මටමයිද අපෙ ආදරෙන්
නුඹෙ සතුටයි සැමදා ඕනෑ වුනේ ලදුනේ
ඉවසමි ඉතින් රහසේ කදුලැල් සදා
කදුලැල් සදා
මා රවටා ඔයා ඇස් කදුලින් තෙමා
ඔහු තුරුලේ වෙලී ඈත ගියා
ආදරේ කලාද මා මාගෙ පණමයි කියා
එකදො දමා ගියේ කූඩුවෙන් එහා





Attention! Feel free to leave feedback.