Centigradz - Obata Nohaka Songtexte

Songtexte Obata Nohaka - Centigradz




ඔබට නොහැක මගෙ සෙවනට එන්නට
මටද නොහැක මල් විමන් තනන්නට
නමුදු සොඳුරේ මේ සුවිසල් අහස යට
අපේ සුසුමන් හමුවෙලා මුමුනනු ඇත
අතැඟිලි නොබැඳෙන
හිත බැඳි සෙනෙහස
සසර පුරා ලඟ ඉන්න ඇති
අත් භවයෙත්
මේ වාගෙම අපි
හමුවී වෙන්වී යන්න ඇතී
හමුවී වෙන්වෙමු සසර පුරුද්දට
එකම සඳේ සඳ එළිය දකින කොට
ඉසුරුමුණියේ පෙම් යුවල නොවේ අප
හිනැහෙමු කඳුළැලි සඟවා හිත යට



Autor(en): Centigradz


Centigradz - Obata Nohaka
Album Obata Nohaka
Veröffentlichungsdatum
06-09-2019




Attention! Feel free to leave feedback.