Charitha Attalage feat. Ridma Weerawardena - Sonduru Siththam Songtexte

Songtexte Sonduru Siththam - Ridma Weerawardena , Charitha Attalage




මුවගේ හස කැන් දිලුණේ
නෙතගේ කඳුළැල් නිවුණේ
හදෙහී පැතුමන් පිපුණේ
සැනසූ වදනින් දෙඩුවේ
දසුනින් නොමැකී රැඳුණේ
රිදෙනා සිතමයි හැදුණේ
නොබිඳී සසරේ බැඳුණේ
ඇසුරේ ඔබමයි පැතුවේ
එකසේ දෙහදක් පිදුණේ
ආදරෙන් මා වෙලා
සොඳුරු සිත්තම් යොදා
සිහිනයක මා තබා ඇරයුම් කළා
විකසිතව ළං වෙලා
සුවඳකට මුසු වෙලා
රහස කොඳුරා කියා ඔච්චම් කළා
නොගැයූ කවියක් වාගේ
නොලියූ පදවැල් මාගේ
මේ දිවි ගමනේ ඔබගෙනි ඇසුණේ
මතකේ රඳවා සොඳුරු යාමේ
හමනා පවනක් වාගේ
සිසිලයි ඔබ ගෙන ආවේ
කතරට වැටෙනා පොද වැහි වාගේ
දෙහදක් පතලා සිත් මල් යාමේ
පියමැන අපි යමු පැහැසර යාමේ
ආදරෙන් මා වෙලා
සොඳුරු සිත්තම් යොදා
සිහිනයක මා තබා ඇරයුම් කළා
විකසිතව ළං වෙලා
සුවඳකට මුසු වෙලා
රහස කොඳුරා කියා ඔච්චම් කළා



Autor(en): Chandrasena Thalangama, Charitha Attalage


Charitha Attalage feat. Ridma Weerawardena - Dura Akahe
Album Dura Akahe
Veröffentlichungsdatum
31-03-2020



Attention! Feel free to leave feedback.
//}