Dilo - Hada Gassuna Songtexte

Songtexte Hada Gassuna - Dilo




හද ගැස්සුනා
මගේ ජීවිතේ කෙසේ ගෙවේද මත්වුනා
මම මලෙන් ඇද්ද රෑම මම
ගින්දර පපුවෙ තියන් වින්දා දුක් මං
හින්දා ගෙවූ කල්
රෑ නින්දෙන් පවා සිහිවුනේ
ආදරේ මට පෑ ගෙදරින් ගසා කෑ yeah
අරන් දුන්න මුතු මාල
මතකයි එකක් නෑර
පිස්සෙක් කරගත්තෙ මාව
ඉතුරුයිද බලපන් දැන් අතන කාල
අතන කාල (yeah)
ඇදපන් පාර (uh)
මේකයි කතාව කියන්නෙ එක වතාවයි
ඉස්සර සතුටින් හිටියා මං විස්තර දනී මගෙ (එයි)
ඈතට පෙනි පෙනි උනන්නෙ කඳුලු මගෙ ඇයව
බන්දලා දුන්නා දැන් පිටගං කාරයෙකුට
විගඩම් දැකලා දැං ඇතිවෙලා
අදට විස්සයි මාස මනස හිස් බං තාම
ජීවිතේ හිස් තැන් ආව මාව ලිස්සයි තාම
වෙනසක් ඇතත් මාත් මිනිසෙක්
හිඩසක් මගෙ හද තුල ලඟයි විනාසේ
මගේ වටේ පෙනේ සිනාසී බලා
සිනාසී බලා කවුරුත් මගේ ජීවිතේ
ගලයි ඔහේ මට දැන් විකාරයි
අදින්නේ එක පාරයි
ළඟ ඉන්න ආසයි ඇඟේ දැවටී
කාසි නිසා නෙවෙයි මං ආවෙ වාසි සොයා
නෙවෙයි වාසි සොයා
මමයි king මගේ queen එන්න ගාවට මගේ
ඇගේ ගෙදරින් නොදකින් මට හෙනේ වගේ
රස්තියාදුකාරයලු මං අරියාදු එපා එපාලු බං මාත් එක්ක
ඈත් එක්ක යාලු උනෙ කරුමෙට
මරුවට හිටි කාලෙ දැන් ගෙවෙයි පාරෙ
මගේ කාලෙ තාලෙ මේක තමයි ඩෝ වාරේ
ඇති දැන් නාදේ කිමද නගේ පිහිද ගන්න කිඹුල් කඳුලු ගලන
පාර ගන්න එපා මතක පරන ගෙවෙන්නෙ ජීවිතේ අඳුරු කාලෙක
ගෙවෙන්නෙ ජීවිතෙ අඳුරු කලක වැටුනේ වලක
දවල්ට වැටේද ආයෙමත් රෑක පැටලී මං
කුරිරුයි බං ආදර කතා එකිනෙක බොරු ගොතා
පෙනේ තරු අවසානෙදි බං
Love නෙවෙයි ජීවිතේම
හිනාවෙලා ඉන්න ඕන කාලෙ විදවන්න එපා රාලෙප්
පිනවන්න එපා කාවත් දුර්වල වෙලා තාමත්
උබත් එක්ක අවුල් වෙයි හදේ හාවත්
වෙනසක් ඇතත් මාත් මිනිසෙක්
හිඩසක් මගෙ හද තුල ලඟයි විනාසේ
මගේ වටේ පෙනේ සිනාසී බලා
සිනාසී බලා කවුරුත් මගේ ජීවිතේ
ගලයි ඔහේ මට දැන් විකාරයි
අදින්නේ එක පාරයි
ළඟ ඉන්න ආසයි ඇඟේ දැවටී
කාසි නිසා නෙවෙයි මං ආවෙ වාසි සොයා
නෙවෙයි වාසි සොයා



Autor(en): Azim Ousman, Dilochana Perera, Shameen Ifan



Attention! Feel free to leave feedback.