Dimanka Wellalage - Ma Nisa Songtexte

Songtexte Ma Nisa - Dimanka Wellalage




දුක අහනා හිත නිවනා
කණගාටුයි මේ හිත පාලුයි
තනිකම සමගින් මං යාලුයි
ඔබ නැති ජීවිතයේ පාට කලුයි
ඔබගෙන් මං පතනා හුස්මයි
මා ජීවත් කරනා රහසයි
නැත්නන් මාගේ ආයුෂත් කොටයි
දුක අහනා හිත නිවනා
මට දිශාව පෙන්වන්නී
වෙනවද මාගේ අවසන් පෙම්වන්තී
පිරිමදිනා හද තවනා
මට ආලය දක්වන්නී
දෙනවද ඔබගේ අත් දෙක සුදු නංගී
අරමුණකින් තොරවූ මිනිසෙක්
වාගෙයි මං ඔබ ලැබෙනාතෙක්
අපහසුවෙන් හිත හසුරුවමින් බලන් ඉන්නවා
අඩු තරමින් නැද්දෝ දැනුවත්
මා ගැන ඇසුවද කේලම්වත්
අත තියමින් හිස මුදුනින් දැන් දිවුරන්නද මා
හදවත් නහරේ කැලතෙන රතු ලේ
පවසාවී පවසාවී ආදරයේ ගැස්මන්
දුක අහනා හිත නිවනා
මට දිශාව පෙන්වන්නී
වෙනවද මාගේ අවසන් පෙම්වන්තී
පිරිමදිනා හද තවනා
මට ආලය දක්වන්නී
දෙනවද ඔබගේ අත් දෙක සුදු නංගී
දුරකතනෙට හෝ එක පාරක්
අමතාපන් සැනසීමක්
වැලි පොලොවට දිය බින්දක් සේ සතුටක් ගේනා
ආදරයට අක්ෂර හතරක්
තිබුනත් එහි හරි තේරුමවත්
වටහන්නට බැරිකෙනෙකුට නම් රැවටෙන්න එපා
හදවත් නහරේ කැලතෙන රතු ලේ
පවසාවී පවසාවී ආදරයේ ගැස්මන්
කණගාටුයි මේ හිත පාලුයි
තනිකම සමගින් මං යාලුයි
ඔබ නැති ජීවිතයේ පාට කලුයි
ඔබගෙන් මං පතනා හුස්මයි
මා ජීවත් කරනා රහසයි
නැත්නන් මාගේ ආයුෂත් කොටයි
දුක අහනා හිත නිවනා
මට දිශාව පෙන්වන්නී
වෙනවද මාගේ අවසන් පෙම්වන්තී
පිරිමදිනා හද තවනා
මට ආලය දක්වන්නී
දෙනවද ඔබගේ අත් දෙක සුදු නංගී
සුදු නංගී




Dimanka Wellalage - Ma Nisa - Single
Album Ma Nisa - Single
Veröffentlichungsdatum
14-11-2014



Attention! Feel free to leave feedback.