Hashani Wasana - Seda Mawatha Songtexte

Songtexte Seda Mawatha - Hashani Wasana




සේද මාවත හැන්දෑවේ
මතක මංපෙත ගංතීරේ
කිසි දිනේ නොසිතූ ලෙසේ හමුවුනා
තුරුණු විය අප සිත් යායේ
රහසෙ බැදිපෙම තුන්යාමේ
හදවතේ නොමැකෙන ලෙසේ ලියැවුනා
ඔබේ හද මා සුව වින්දේ
ඔබේ රුව මා ලග රැදුනේ
කුමරියයි ඔබ විජිතයේ සෑමදා
මුලු ලෝකයම මා පසෙකලා
සොයා එන්නෙමී ඔබ පතා
රෑ අහසේ මුදු පහසේ
රහසින් පෑයූ තරුවක් විලසේ
මා දිවිය අද හැඩවෙලා
සුව සහනේ ගෙන දුන්නේ
කුමරුන්නේ ඔබමයි මාගේ
මුලු ලොවම අද සැරසිලා
සුලගේ හමනා සුලගක් ලෙසිනා
මා ඔබ තුරුලේ වෙලුනා
සුවදින් නෑවුනු පියුමක් සේමා
විකසිත වොඉ සිත බැදුනා
නෙතු දකින තුරා මග බලන නියා ඔබ
මා වෙතටම පිය මැන්නා
සිඹින තුරා ලග රැදෙන තුරා මා
ඔබෙ වීලා සැනසෙන්නා
රෑ අහසේ මුදු පහසේ
රහසින් පෑයූ තරුවක් විලසේ
මා දිවිය අද හැඩවෙලා
සුව සහනේ ගෙන දුන්නේ
කුමරුන්නේ ඔබමයි මාගේ
මුලු ලොවම අද සැරසිලා
සේද මාවත හැන්දෑවේ
මතක මංපෙත ගංතීරේ
කිසි දිනේ නොසිතූ ලෙසේ හමුවුනා
තුරුණු විය අප සිත් යායේ
රහසෙ බැදිපෙම තුන්යාමේ
හදවතේ නොමැකෙන ලෙසේ ලියැවුනා
මුලු ලෝකයම මා පසෙකලා
සොයා එන්නෙමී ඔබ පතා
රෑ අහසේ මුදු පහසේ
රහසින් පෑයූ තරුවක් විලසේ
මා දිවිය අද හැඩවෙලා
සුව සහනේ ගෙන දුන්නේ
කුමරුන්නේ ඔබමයි මාගේ
මුලු ලොවම අද සැරසිලා



Autor(en): Saritha Edirisinghe, Yohan Abeykoon


Hashani Wasana - Seda Mawatha
Album Seda Mawatha
Veröffentlichungsdatum
02-10-2020



Attention! Feel free to leave feedback.