Kasun Kalhara - Mal Mitak Songtexte

Songtexte Mal Mitak - Kasun Kalhara




මල් මිටක් තියන්න ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි මගේ
සොඳුරු කවි ලියාන හිත් කොනේ
තාරුකා වහින රාත්රියේ
ගෙල වටේ වෙලී හමා ඇදී නළ රැලී
ඔබයි මගේ
මල් මිටක් තියන්න ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි මගේ
තුරු ලතා පවා දුකෙන් වගේ
අතවනා හොයන්නෙ ඔබ කොහේ
හැන්දෑව වගේ සෞම්ය වී නිදා ඉන්න
මගේ හදේ
මල් මිටක් තියන්න ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි මගේ



Autor(en): Kasun Kalhara, Prabhakumara Rajaguru


Attention! Feel free to leave feedback.