Nanda Malini - Ruk Aththana Mala Mudune Songtexte

Songtexte Ruk Aththana Mala Mudune - Nanda Malini




රුක් අත්තන මල මුදුනේ
බඹරු නටන හැන්දෑවේ...
සැදෑ අඳුර පියමන් කර කවුරුද එන්නේ...
පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ...
මුතු පිණි දැල් සැළෙන උදේ
උදා දිමුතු හිරු එළියේ...
පුතු සවනට රහස් කියා
පියමන් කරලා...
අප වෙනුවෙන් දවස ගෙවා
වෙහෙසී එන්නේ...
රුක් අත්තන මල මුදුනේ
බඹරු නටන හැන්දෑවේ...
සැදෑ අඳුර පියමන් කර
කවුරුද එන්නේ...
පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ...
පතොක් වැටිය උඩින් ඇදී
දිවයුරු මිය යන මොහොතේ...
පුරා හඳක් සේ ඈතින්
කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ...
රුක් අත්තන මල මුදුනේ
බඹරු නටන හැන්දෑවේ...
සැදෑ අඳුර පියමන් කර
කවුරුද එන්නේ...
පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ...
කවුරුද එන්නේ...
කවුරුද එන්නේ...
කවුරුද එන්නේ...




Attention! Feel free to leave feedback.