Nirosha Virajini - Aganthuka Adaraya Songtexte

Songtexte Aganthuka Adaraya - Nirosha Virajini




ආගන්තුක ආදරයේ
ලලිත මිහිරියි මතක ඉමේ
ඔබේ හිනා මට මතකයි
සිහිනයෙන් වගේ
සිතිවිල්ලක තනිවන්නට
සුසුමක හිත රඳවන්නට
කතා කලා ඔබෙ සෙනෙහස
සිහිනයෙන් වගේ
ආගන්තුක ආදරයේ
ලලිත මිහිරියි මතක ඉමේ
සංසාරෙන් සංසාරේ
සලිත නොවූ සිත් අතරේ
ජීවිතයම පුද දෙන්නට
ප්රාර්ථනා පැතුවේ
හසරැල්ලට සමු දෙන්නට
කඳුළක නෙත නවතන්නට
අකාරුණික ඔබෙ සිතට
ඇයි ඉඩ දුන්නේ
ආගන්තුක ආදරයේ
ලලිත මිහිරියි මතක ඉමේ
හිරු සඳු ලෙස
අහස් ගැබේ
හමුවීමට හිමි වන්නේ
ඔබ කීව කතා අතීතයට
සැඟවීලා යන්නේ
සදාතනික කඳුළැල්ලට
අනාත වූ සැනසිල්ලට
ඉතිරි මතක මිහිරි
පවන් සලාවී
ආගන්තුක ආදරයේ
ලලිත මිහිරියි මතක ඉමේ
ඔබේ සිනා මට මතකයි
සිහිනයෙන් වගේ
සිතිවිල්ලක තනිවන්නට
සුසුමක හිත රඳවන්නට
කථා කලා ඔබෙ සෙනෙහස
සිහිනයෙන් වගේ
ආගන්තුක ආදරයේ
ලලිත මිහිරියි මතක ඉමේ



Autor(en): Kusum Peiris, Mohan Raj


Attention! Feel free to leave feedback.