Pradeepa Dharmadasa - Ha Ha Balagenai Songtexte

Songtexte Ha Ha Balagenai - Pradeepa Dharmadasa




හා, හා, බලාගෙනයි
දෙතොලේ කටු ඇනෙයි
සිප ගන්නේ ඔය මල් බලාගෙන හොඳේ
මල් පෙති වලට යටින් විසකුරු කටු තිබෙයි
මල් පෙති වලට යටින් විසකුරු කටු තිබෙයි
හා, හා, බලාගෙනයි
නිලට නිලේ ගලන ගඟේ
නිලට නිලේ ගලන ගඟේ
දිය යට කිඹුල් පොරේ
ගඟේ තරඟ දිගේ ඇදෙන නගේ සීරුවෙන්
හා, හා, බලාගෙනයි
දෙතොලේ කටු ඇනෙයි
කෝකිලයන් වෙසෙන වනේ
කෝකිලයන් වෙසෙන වනේ
කපුටන් සතර අතේ
කොවුල් නදට ඇලුම් කරන ළඳේ සීරුවෙන්
හා, හා, බලාගෙනයි
දෙතොලේ කටු ඇනෙයි
සිප ගන්නේ ඔය මල් බලාගෙන හොඳේ
මල් පෙති වලට යටින් විසකුරු කටු තිබෙයි
මල් පෙති වලට යටින් විසකුරු කටු තිබෙයි
හා, හා, බලාගෙනයි



Autor(en): Rohana Weerasinghe


Attention! Feel free to leave feedback.
//}