Rohana Weerasinghe feat. Nanda Malini - Aandi Lin Walin Songtexte

Songtexte Aandi Lin Walin - Rohana Weerasinghe , Nanda Malini




ආඬි ලිං වලින් උණන්නෙ වතුර නෙවෙයි ලේ
නාඹර තල්ගෙඩි වල තද රත අඳින්නෙ ලේ
මිරිස් කරළ් මෝරන විට පාට දෙන්නෙ ලේ
නළලේ රතු තිලක වලට රත ගෙනෙන්නෙ ලේ
ලේ නොගලන බිමක හුස්ම ගන්ට ඉඩ දියවු
අපට කැමැති කෝවිලකට යන්ට ඉඩ දියවු
දරු පැටවුන් සමග සිනාසෙන්ට ඉඩ දියවු
අපට නිදහසේ දොඩන්ට ඉන්ට ඉඩ දියවු
දිනා ගන්ට දේ එමටයි දනිමු එය බොලවු
අහිමි ලොව දිනන නිවැරදි මග සොයා බලවු
අපේ තුරුණු ලේ කඳ වැලි කතර මත නොලවු
අමු සොහොනක කිරුළු දරා පලක් වෙද බොලවු



Autor(en): Rohana Weerasinghe


Attention! Feel free to leave feedback.