Sanath Nandasiri - Bambaru Nodutu Malak Songtexte

Songtexte Bambaru Nodutu Malak - Sanath Nandasiri




රහසක්, පොඩි රහසක්
කවුරුත් නොදන්න රහසක්
බඹරු නොදුටු මලක් පිපිලා ගේ මැද සාලේ
ඈත ඇදේ දෑස අන්ධ මීමැසි මාලේ
බඹරු නොදුටු මලක් පිපිලා ගේ මැද සාලේ
මල් කැකුලක් මල්වර වී දොරට වඩින සඳ
සුවඳ දැනේ හතරවටේ ගව් ගණනක් දුර
මල් කැකුලක් මල්වර වී දොරට වඩින සඳ
සුවඳ දැනේ හතරවටේ ගව් ගණනක් දුර
මන්මත් වී රෑන් සැදේ තරුණ බඹර කැල
බඹරු නොදුටු මල් කොයින්ද සක්වල ගල තුළ
බඹරු නොදුටු මලක් පිපිලා ගේ මැද සාලේ
ඈත ඇදේ දෑස අන්ධ මීමැසි මාලේ
බඹරු නොදුටු මලක් පිපිලා ගේ මැද සාලේ
සුරංගනා කථා තවත් නො කියනු මැන මට
කොයිද නගෝ නුඹ පවසන බඹරු නොදුටු මල
සුරංගනා කථා තවත් නො කියනු මැන මට
කොයිද නගෝ නුඹ පවසන බඹරු නොදුටු මල
මන්මත් වී රෑන් සැදේ තරුණ බඹර කැල
බඹරු නොදුටු මල් කොයින්ද සක්වල ගල තුළ
අන්න අතන මල් බඳුනේ බඹරු නොඑන මල
අතින් හැදූ පාට පාට රන් කරදහි මල
අන්න අතන මල් බඳුනේ බඹරු නොඑන මල



Autor(en): Sanath Nandasiri



Attention! Feel free to leave feedback.