Songtexte Koho Koho - Sanath Nandasiri
කොහෝ කොහෝ
කොහේ ඉදන් කොහෝ කියනවදෝ
අපේ ගමේ රබන් පදේ
නුබට ඇහෙනවදෝ...
කොහෝ කොහෝ
කොහේ ඉදන් කොහො කියනවදෝ
අපේ ගමේ රබන් පදේ
නුබට ඇහෙනවදෝ...
කජු නාඹර රස මීඅබ
ගස් යට වැහි වැහැලා
කොහෝ අන්න අර බලපන්
මීවද පැනි පිරිලා...
කජු නාඹර රස මීඅබ
ගස් යට වැහි වැහැලා
කොහෝ අන්න අර බලපන්
මීවද පැණි පිරිලා...
කොහෝ කොහෝ
කොහේ ඉදන් කොහෝ කියනවදෝ
බක් මාසේ මගුල් නැකත්
මටත් කියනාදෝ...
කොහෝ කොහෝ
කොහේ ඉදන් කොහො කියනවදෝ
අපේ ගමේ රබන් පදේ
නුබට ඇහෙනවදෝ...
රබන් හඩට බබරු නටන
ලස්සන ගම් මැද්දේ
කොහො උබත් ගී කියපන්
සිංහල අවුරුද්දේ...
රබන් හඩට බබරු නටන
ලස්සන ගම් මැද්දේ
කොහො උබත් ගී කියපන්
සිංහල අවුරුද්දේ...
කොහෝ කොහෝ
කොහේ ඉදන් කොහො කියනවදෝ
අපේ ගමේ රබන් පදේ
නුබට ඇහෙනවදෝ...
කොහෝ කොහෝ
කොහේ ඉදන් කොහො කියනවදෝ
අවුරුද්දට අපේ දිහා
නෑගම් එනවදෝ...

Attention! Feel free to leave feedback.