Supun Perera - Surath Suwaya Songtexte

Songtexte Surath Suwaya - Supun Perera




නිල් වරල පුරා මල් අතුරලා
බිඟුන් මත් කරන
රන් මුව මඩලින් රැස් විසිරුවා
තොඩුන් දිදුලවන
නිම් නාද දී යන සත් ස්වරයෙන්
දෙසවන් සිල් බිඳින
හදසෙන් වැදී ගජසෙන් මඬිනා
දෙව්ලියේ ඔබ කවුද?
ඕ, ශෘංගාරී මගේ හද විල් තීරයෙන්
බැස කිමිදෙන්න
දැහැනින් බැඳවුන් සලෙලුන් මුදමින්
සුරත් සුවය විඳගන්න
මල් මකරන්දයෙන් නා දලු තෙමා
මීවිත බොන්න
පෝ සඳ අසලින් පුන් සඳ තියා
සාවුන් සිපගන්න
හද-හද බැඳී ගත-ගත වෙලී යන
මේ රැය පුරාවට
වීණා වැයුමට සකි පන්සිළු හට
ඇරයුම් කරන්නද?
ඕ, ශෘංගාරී මගේ හද විල් තීරයෙන්
බැස කිමිදෙන්න
දැහැනින් බැඳවුන් සලෙලුන් මුදමින්
සුරත් සුවය විඳගන්න
මේ නදුන් උද්යානයේ
දැහැනින් සුවය වින්ද
සිත බොලඳ වෙයි සසැලෙයි
සොඳුරියේ නුඹ නිසාමද?
ඕ, ශෘංගාරී මගේ හද විල් තීරයේ
කිමිදෙන්න
දැහැනින් බැඳවුන් සලෙලුන් මුදමින්
විඳගන්න



Autor(en): Charitha Attalage, Sadara Bandara


Supun Perera - Surath Suwaya
Album Surath Suwaya
Veröffentlichungsdatum
04-05-2018



Attention! Feel free to leave feedback.