Songtexte




ලෙවල් එකට පාස් වෙන්න
ඔක්කොම සම්මාන ගන්න
රුපියල් 500ක යන්තරයක් දැම්මේ
එකේ ප්රතිඵල ආවා
මගේ හදවත දුක ගාවා
වැඩ පහකින් පහම ෆේල් වෙලා අන්තිමේ
උඹ නාඩන්, උඹ නාඩන්, උඹට ඕවා හොඳ පාඩම්
උඹ නාඩන්, උඹ නාඩන්, උඹට ඕවා හොඳ පාඩම්
යන්තර කරු ගියේ බලන්න
වුණේ කුමක්දැයි අහන්න
මිනිහ දීපු උත්තරයට මට තරු පෙනුණා
මම කිල්ලට අහු වෙලාලු
යන්තරේ බල නැති වෙලාලු
ණයට ගත්ත 500ත් මෙ මට නැති වුණා
මම නම් (ගඟේ පනිනවා)
වතුර (බීලා මැරෙනවා)
(හුස්ම ටිකක් හිර වෙනකොට ගොඩ පීනනවා)
රේල්ලට (බෙල්ල තියනවා)
ජීවිතේ (එපා කියනවා)
හුටා (කෝච්චිය ලං වෙනකොට අපි නැගිටිනවා)
කඳු නැගලා, කඳු බැහැලා, මාස ගණන් දුක් විඳලා
මහා සයිකල් රේස් එකට පුරුදු වුණා මං
මගෙ ෆුල් ඩම් එක දමලා ගත්තා වංගුව කපලා
අඹ ලෙල්ලක ලිස්සලා මං ගියානේ ගුවනින්
උඹ නාඩන්, උඹ නාඩන්, උඹට ඕවා හොඳ පාඩම්
උඹ නාඩන්, උඹ නාඩන්, උඹට ඕවා හොඳ පාඩම්
හිටි අය මගේ පිටිපස්සෙන් මා පසුකර යයි වේගෙන්
දනි පනි ගා නැගිටලා මම ආයෙත් පැද්දේ
හති දාගෙන පැද්දත් මං අන්තිමේදී තද වෙහෙසින්
දිනුම් කණුව ළඟට ආවේ හූ හඬ මැද්දේ
මම නම් (ගඟේ පනිනවා)
ජලය (බීලා මැරෙනවා)
(හුස්ම ටිකක් හිර වෙනකොට ගොඩ පීනනවා)
රේල්ලට (බෙල්ල තියනවා)
ලයිෆ් එක (එපා කියනවා)
හුටා (කෝච්චිය ලං වෙනකොට අපි නැගිටිනවා)
චිත්තරපටි ඩිරෙක්ටර්ගේ බැලමෙහෙවර සේවේ කරලා
සිනමාවට එන්ටර් උනේ අතින් ගෙවලා මං
ප්රඩියුසර්ට වැඳලා පුදලා කැමරාමන්ට සපෝට් කොරලා
ඇක්ට් කොරන්ඩ ලැබුණේ එකම සීන් එකයි බං
උඹ නාඩන්, උඹ නාඩන්, උඹට ඕවා හොඳ පාඩම්
උඹ නාඩන්, උඹ නාඩන්, උඹට ඕවා හොඳ පාඩම්
මංගල දර්ශනෙ බලන්න මගේ මිතුරන් වටකරගෙන
සිංහ රජෙක් ලෙසට හෝල් එකට ගියේ මං
හිටපු එකම සීන් එකත් එඩිටර් මල්ලිගෙ කතුරට
බෙල්ල කැපුණා වගේ කැපිල වැඩක් නෑනේ දැන්
මම නම් (ගඟේ පනිනවා)
වතුර (බීලා මැරෙනවා)
(හුස්ම ටිකක් හිර වෙනකොට ගොඩ පීනනවා)
රේල්ලට (බෙල්ල තියනවා)
ජීවිතේ (එපා කියනවා)
(කෝච්චිය ලං වෙනකොට අපි නැගිටිනවා)
මම නම් (ගඟේ පනිනවා)
වතුර (බීලා මැරෙනවා)
(හුස්ම ටිකක් හිර වෙනකොට ගොඩ පීනනවා)
රේල්ලුවට (බෙල්ල තියනවා)
ජීවිතේ (එපා කියනවා)
(කෝච්චිය ලං වෙනකොට අපි නැගිටිනවා)
(කෝච්චිය ලං වෙනකොට අපි නැගිටිනවා)
(කෝච්චිය ලං වෙනකොට අපි නැගිටිනවා)



Autor(en): Chandra Devadithya, Sunil Perera



Attention! Feel free to leave feedback.
Wird geladen
Wird geladen