Songtexte




අහගන්න, පිළිගන්න
බොරු නොකියමි ඔහෙලට
ලෝකෙ පුරා සැරි සරලා
ගිය ගිය තැන කප් ගහලා
ආවෙමි මම සිය රට බලලා
මගේ තියෙන වටිනාකම
උදවිය දැනගත්තම
වැඳ වැඳ කීවා "නවතින්න"
ඕවත් වැඩද?
මල්ලි, ඕවත් වැඩද?
රජ වැඩ-කිඩ දෙන්නට උඹ රජ කකුලක් ද?
හිතලා-මතලා, හොයලා-බලලා
කෝපි කාලේ, මෝඩ තාලේ
කොන්ඩේ බැඳපු චීන්නුන්ට ඕවා කියාපන්
මුළු ලොව බය කළ මහා ත්රස්තවාදියා
බින්ලාඩන් අල්ලගන්න ජෝර්ජ් බුෂ්ට බැහැලු ඔන්න
මට කියනවා "අල්ලලා දෙන්න"
ජාත්යන්තර ප්රශ්න වලට හොට දාන්නෙ නෑනේ මම
ඒක නිසා මං "බෑ" කිව්වා
ඕවත් වැඩද?
මල්ලි, ඕවත් වැඩද?
රජ වැඩ-කිඩ දෙන්නට උඹ රජ කකුලක් ද?
හිතලා-මතලා, හොයලා-බලලා
කෝපි කාලේ, මෝඩ තාලේ
කොන්ඩේ බැඳපු චීන්නුන්ට ඕවා කියාපන්
හොලිවුඩ් පුරයේ නිළි රැජින හමුවෙලා
"ඇමරිකාවේ සුනිල් ඉන්න,
ඉඳලා මාව මැරි කරන්න"
කිය කිය වද කෙරුවා ජූලියා (හහ්,රොබර්ට්ස් ද?)
අපේ ගෙදර නෝනා දැනගත්තොත්
ජූලි හතයි, මල කෙලියයි
ඒක නිසා මං "බෑ" කිව්වා
ඕවත් වැඩද?
මල්ලි, ඕවත් වැඩද?
රජ වැඩ-කිඩ දෙන්නට උඹ රජ කකුලක් ද?
හිතලා-මතලා, හොයලා-බලලා
කෝපි කාලේ, මෝඩ තාලේ
කොන්ඩේ බැඳපු චීන්නුන්ට ඕවා කියාපන්
ලෝකෙම ජනප්රිය ගායිකාව මැඩෝනා
"මාත් එක්ක යුග ගීයක් කියන්න ඕනමයි" කියලා
දවස් ගණන් පස්සෙන් ආවා
අනේ, ලංකාවේ ගායිකාවෝ තරහ වේවි එහෙම කළොත්
ඒක නිසා මං "බෑ" කිව්වා
ඕවත් වැඩද?
මල්ලි, ඕවත් වැඩද?
රජ වැඩ-කිඩ දෙන්නට උඹ රජ කකුලක් ද?
හිතලා-මතලා, හොයලා-බලලා
කෝපි කාලේ, මෝඩ තාලේ
කොන්ඩේ බැඳපු චීන්නුන්ට ඕවා කියාපන්
ක්රිකට් ලොවේ කුසලානේ ලංකාවට ගෙනෙන්න
"වොට්මෝරුත් එක්ක බෑනේ,
සුනිල් අයියා එන්න ඕනේ"
සනා බෝයි අඬ අඬ කිව්වා
අයියෝ, කෝච් කරන එක සිම්පල්
බෝඩ් එකේ ඇතුලේ කචල්
ඒක නිසා මං "බෑ" කිව්වා
ඕවත් වැඩද?
මල්ලි, ඕවත් වැඩද?
රජ වැඩ-කිඩ දෙන්නට උඹ රජ කකුලක් ද?
හිතලා-මතලා, හොයලා-බලලා
කෝපි කාලේ, මෝඩ තාලේ
කොන්ඩේ බැඳපු චීන්නුන්ට ඕවා කියාපන්
කොන්ඩේ බැඳපු චීන්නුන්ට (චයිනීස්ලට)
ඕවා කියාපන්
කොන්ඩේ බැඳපු චීන්නුන්ට
ඕවා කියාපන්



Autor(en): Chandra Dewadithya



Attention! Feel free to leave feedback.
Wird geladen
Wird geladen