Umaria Sinhawansa - Denuwan Piya Songtexte

Songtexte Denuwan Piya - Umaria Sinhawansa




දෙනුවන් පියා
කඳුලින් ලියූ ආදරේ
සිහිනෙන් වගේ
ඇවිදින් ගියා මේ රැයේ
නෑ සත්තමයි
ඔබමයි මගේ ආදරේ
සයුරෙන් මෙහා
සිටියත් සදා පාළුවේ
බොඳ වෙන්නෙපා දැන්
ඔබ ඇන්ද සිතුවම්
හදේ
පන්හිඳට හුරුවී
කවි ලිව්වා මා මුළු රැයේ
ඉකිබින්ද සුසුමන්
ඔබ හින්දා වැලපෙයි
මගේ ළයේ
එනකං බලා ඉන්නෙමි
මේ දෙනුවන් අයා
දෙනුවන් පියා
කඳුලින් ලියූ ආදරේ
සිහිනෙන් වගේ
ඇවිදින් ගියා මේ රැයේ
සඳ රේණු අතුරා
ගිනි දැල්වු අපෙ යහන මේ
තුරුලේ හොවා මා
අඳුරේ කියූ ආදරේ
මිණි මුතු එපා දැන්
ඔය දෑස මගේ ජීවිතේ
ප්රියේ
එනකං බලා ඉන්නෙමි
මේ දෙනුවන් අයා
දෙනුවන් පියා
කඳුලින් ලියූ ආදරේ
සිහිනෙන් වගේ
ඇවිදින් ගියා මේ රැයේ
නෑ සත්තමයි
ඔබමයි මගේ ආදරේ
සයුරෙන් මෙහා
සිටියත් සදා පාළුවේ




Umaria Sinhawansa - Denuwan Piya - Single
Album Denuwan Piya - Single
Veröffentlichungsdatum
03-09-2014




Attention! Feel free to leave feedback.
//}