Songtexte




මයුරාසන මත වැඩ හිඳිනා
කඳ සුරිඳුනි ඔද තෙද රඳනා
හද උතුරන සෝ දුක කියමී
හිමි පාමුල මම වැඳ වැටෙමී
මුහුණු සයකි අත් දොළසින් සොබනා
සවන යොමනු කඳ සුරිඳේ
මිනිසා මිනිසාට ගරහන්නේ
මවුපියො නෑ ඔහු හඳුනන්නේ
ශක්තිය බලපා යුක්තිය පාගා
පුහු මානය හද රන්දා
වස්තුව නිළ බලතල හින්දා
මිනිසා මිනිසට දෙයි නින්දා




Attention! Feel free to leave feedback.
Wird geladen
Wird geladen