Songtexte




පාවේ වළා...
ඈත කඳු බලා...
ඈ. ආදරේ අමා.
මා. හද මවා... //
කඳුලැල්ලෙන් හසරැල්ලෙන්
සිහින මැවෙනවා...
ජීවිතයේ මිහිරි සුවේ
මහද නැගෙනවා...
ආලෝකේ විහිදා
සංකා නැසේ
සුසුම් රැලි මැකේ.
පහන් පෙම දිනේ.
පාවේ වළා...
ඈත කඳු බලා...
ඈ. ආදරේ අමා.
මා. හද මවා... //
හාදව පෙම් බැන්ද රුවින්
පාළුව මැකුනා
ආදර ලොව අන්ද නොවී
දෙහදක නැගෙනා
දෑසේ මැවේ ආදරේ මල් හිනා
තුටින් පිරි ලොවේ
සහන් එළි නැගේ
පහන් පෙම දිගේ
පාවේ වළා...
ඈත කඳු බලා...
ඈ. ආදරේ අමා.
මා. හද මවා... //





Attention! Feel free to leave feedback.
Wird geladen
Wird geladen