Yohani - Ithin Adare Songtexte

Songtexte Ithin Adare - Yohani




ඉතින් ආදරේ පතා ලතැවුණේ ඔබේ නමින්
සිතින් වේදනා දිදී මියැදුණේ
එදත් මාරුතේ වගේ සැලවුණේ ඔබේ වදන්
රැලිත් සාගරේ පවා හඬවමින්
වසන්තය මං
සොයා ඇවිදින්
බලා ඉන්නම්
නුඹේ අසලින්
අනන්තය දැන්
අහිංසක මං
හඬා වැටෙමින්
දරා ඉන්නම්
කළුවර රැයට නුඹ ගෙනෙන ගින්දර
ඇවිලෙන මගේ සයනේ උඩම වැතිරෙන
ලිහෙන රෑ සළුවේ වේදනා
ඉතින් ආදරේ පතා ලතැවුණේ ඔබේ නමින්
සිතින් වේදනා දිදී මියැදුණේ
එදත් මාරුතේ වගේ සැලවුණේ ඔබේ වදන්
රැලිත් සාගරේ පවා හඬවමින්
අරන් ඇවිත් අදත් බලෙන්
නුඹේ අයිතිවාසිකම්
රංගනේ අවසන් නොවේ
පාළුවේ එළිවෙන පැයේ
පණ මේන් ආදරෙයි තාමත් එක සේ
කෙලෙසද මේ පව රැයෙන් ගෙවෙන්නේ
දර දඬු කම් තවමත් ඉවසන්නේ
නුඹ මගෙ කටු අකුලයි රත්තරනේ
මේ රඟ මඩලේ
අපි අතරේ
ගැටුනේ ජීවිතේ
නෑ පසු තැවුණේ
මග හැරුනේ
ආදරේ
ඉතින් ආදරේ පතා ලතැවුණේ ඔබේ නමින්
සිතින් වේදනා දිදී මියැදුණේ
එදත් මාරුතේ වගේ සැලවුණේ ඔබේ වදන්
රැලිත් සාගරේ පවා හඬවමින්
හඬවමින්
හඬවමින්
හඬවමින්
හඬවමින්



Autor(en): Yohani De Silva, Dilanjan Seneviratne



Attention! Feel free to leave feedback.