Bathiya & Santhush feat. Asha Bhosle - Dedunna Sedi (feat. Asha Bhosle) Lyrics

Lyrics Dedunna Sedi (feat. Asha Bhosle) - Asha Bhosle , Bathiya & Santhush



දේදුන්න සේදී වෑ නිල්ල උතුරා
ලා දම් අහසින් වැස්සක් වැටුණා
මනමාලි වී හද ගින්න අවුලා
පිටගම් යනවා බොඳවී පෙනුණා
බාලේ ඉඳලා හද බැඳි ආදරේ
ගෙල රන් තාල නොබැඳී අවසන් උනේ
කාලේ ගෙවිලා මං ගම දිනේ
කරකාර බැඳලා නොකියා ගියේ
දේදුන්න සේදී වෑ නිල්ල උතුරා
ලා දම් අහසින් වැස්සක් වැටුණා
මාදං කැලෑවේ ළඳු ඕවිටේදී
බාලේ ඉඳන් කී කවි ගීතිකා
පාවී ගියාවේ සුළඟේ වෙළීලා
ආලේ නමින් වූ හද ගී මකා
නොසිතූ සේ
ආදර මල්පෙති විසිරෙයි සිත වැළපේ
සුහදේ
නොපැතූ සේ
යායුතු වේ මේ ඉරණම් ගමනේ
කඳුලින් මෙසේ
දේදුන්න සේදී වෑ නිල්ල උතුරා
ලා දම් අහසින් වැස්සක් වැටුණා
මනමාලි වී හද ගින්න අවුලා
පිටගම් යනවා බොඳවී පෙනුණා
ලා නීල වැල්ලේ වැව් තාවුලේදී
දිවුරා හදින් බහ දුන් නිසා
දෑසින් මහෝගේ උතුරා ගැලූ
දොරේ ගැලූ දා බැඳි ආදරේ
තනි වූ දා
මවු පිය සෙනෙහසටයි හිස නැමුණේ
රහසේ
නොපැතූ දා
මා හද දෙව්ලොව හැර යන්නම් මිහිරේ
තරු ඇස් වැසේ
දේදුන්න සේදී වෑ නිල්ල උතුරා
ලා දම් අහසින් වැස්සක් වැටුණා
මනමාලි වී හද ගින්න අවුලා
පිටගම් යනවා බොඳවී පෙනුණා
බාලේ ඉඳලා හද බැඳි ආදරේ
ගෙල රන් තාල නොබැඳී අවසන් උනේ
කාලේ ගෙවිලා මං ගම දිනේ
කරකාර බැඳලා නොකියා ගියේ
දේදුන්න සේදී වෑ නිල්ල උතුරා
ලා දම් අහසින් වැස්සක් වැටුණා





Attention! Feel free to leave feedback.