Harshana Dissanayake - Pichcha Kekulu Lyrics

Lyrics Pichcha Kekulu - Harshana Dissanayake



පිච්ච කැකුලු මල් මාලය කොන්ඩෙ පලන්දන් සුවඳට
වැල්ල දිගේ කෝවිල් ගිය තංගමනී නංගියේ...
අම්මා අප්පා කොයි ගිහින්ද
ඇයි තනියම පන්සලේ
අර සුවඳ හමන පිච්ච කැකුළු කෝ අද උඹෙ කොන්ඩයේ...
අම්මා අප්පා ගියා උදෙන් වෙරළ මාලු වාඩියේ ...
මහ මුහුද ඇවිත් දෝරේ ගියා වාඩිය වත්තේ අනේ...
වෙච්චි කරච්චල් කියන්න සාම්ත් නෑ
කෝවිලේ...
ලොකු හාමුදුරුවෝ අපට ඇවිත් ඉන්න
කීවා පන්සලේ ...
කැඩිච්ච කෝවිල හදන්න ටික දවසක් යයි නගේ...
අපි බුදු සාදුට වැඳලා අහමු අම්මා අප්පා
ගැන නුඹේ
මෙච්චර කල් කවදාවත් පන්සලකට නෑ ගියේ ...
අපි හැමදාමත් දුක කිව්වේ දෙවියන්ටයි
කෝව්ලේ...
දෙවියෝ බුදුන් කාටත් දුක තේරෙනවා එක වගේ...
අපි බුදුසාදුට වැඳලා පස්සෙ කෝව්ලටත් යමු නගේ... .
එහෙනම් මට කියාදෙන්න වඳින ව්දිහ පන්සලේ
බුදුසාදුට පූජා කරන්න පිච්ච මලක් මේ අතේ...
අත් පොඩි දෙක එකට තියලා වඳින
ලෙසම කෝවිලේ ...
සුදු අරලිය මල් පූජාකරමු ඒවත් සුවඳයි නගේ ...
එහෙනම් මට කියාදෙන්න වඳින ව්දිහ පන්සලේ
බුදුසාදුට පූජා කරන්න පිච්ච මලක් මේ අතේ...
අත් පොඩි...
පද: - සෝමරත්න දිසානායක
සංගීතය: - රෝහන වීරසිංහ
ගායනය: - හර්ෂන දිසානායක
කස්තුරි සූර්යකුමාර්



Writer(s): Rohana Weerasinghe


Harshana Dissanayake - Evoke Album No. 68
Album Evoke Album No. 68
date of release
17-12-2013




Attention! Feel free to leave feedback.