Mervin Perera - Diyaluma Diya Reli Lyrics

Lyrics Diyaluma Diya Reli - Mervin Perera




දියළුම දිය ඇලි දිය රැල හා
ගල ගල යයි සමුදුර සොයලා
හද උපදී ආදරේ
සැනසුම් තෙර සොයලා
දියළුම දිය ඇලි දිය රැල හා
ගල ගල යයි සමුදුර සොයලා
හද උපදී ආදරේ
සැනසුම් තෙර සොයලා
අද නැති දේ හෙට මා සොයයි
හෙට හමු වී යළි සොයයි
ඔබ හමුවේ හද ගී ගයයි
ඔබ ගීතයෙ රාවයයි
සසර පුරා ඇසු ගීතයේ
රසයේ කිමිදී පැතුසේ
සඳවත කුමටද ඔබ නැති දා
හිරු නැග පල නැත ඔබ නැති දා
සඳ හිරු හා ආදරේ
මොකටද ඔබ නැති දා
අද නැති දේ හෙට මා සොයයි
හෙට හමු වී යළි සොයයි
ඔබ හමුවේ හද ගී ගයයි
ඔබ ගීතයෙ රාවයයි
සසර පුරා ඇසු ගීතයේ
රසයේ කිමිදී පැතුසේ
පියබර සිතුවිලි මුතු අමුණයි
සවණට සැනසිලි හඬ මුමුණයි
කැළඹෙන මේ ලෝකයේ
සහනය ඔබ පමණයි



Writer(s): N, A



Attention! Feel free to leave feedback.