Mervin Perera - Katharaka Thaniwee Lyrics

Lyrics Katharaka Thaniwee - Mervin Perera




කතරක තනිවී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සෙළ මුදුනත සිටියද හද ගිනි ගනී
ගිම්හානය පැමිණී එක් තැනම නොම රැඳෙයි
පැමිණෙන දුක් පැණි රස බව නොසිතුනිද ළඳේ
සඳ නොදනින නමුදු සඳට එලිය හිරුගෙනී
ඔබ නොදනින නමුදු ඔබට සෙවණ මම වෙමි
සඳ නොදනින නමුදු සඳට එලිය හිරුගෙනී
ඔබ නොදනින නමුදු ඔබට සෙවණ මම වෙමි
සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනී
තව විමසන සිරිතට නිහඬවම හිනැහෙමි
කතරක තනිවී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සෙළ මුදුනත සිටියද හද ගිනි ගනී
ගිම්හානය පැමිණී එක් තැනම නොම රැඳෙයි
පැමිණෙන දුක් පැණි රස බව නොසිතුනිද ළඳේ
විසල් තුරු මුදුන් ඵල නැත නොපිපුණු කැකුළු
දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු
විසල් තුරු මුදුන් ඵල නැත නොපිපුණු කැකුළු
දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු
ගඟක් ලෙස ගලා විත් නැමි නැමී දඟ වැදී
මගෙත් දෙපා සිප ගනු මැන සිහිල සිතට දී
කතරක තනිවී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සෙළ මුදුනත සිටියද හද ගිනි ගනී
ගිම්හානය පැමිණී එක් තැනම නොම රැඳෙයි
පැමිණෙන දුක් පැණි රස බව නොසිතුනිද ළඳේ



Writer(s): Crs, Mervin Perera, Premakeerthi De Alwis


Attention! Feel free to leave feedback.