Bathiya & Santhush - Meeduma Uthurana paroles de chanson

paroles de chanson Meeduma Uthurana - Bathiya & Santhush




මීදුම උතුරන සඳපානේ
මීවිත හිස් වෙයි මදු බඳුනේ
මීදුම උතුරන සඳපානේ
මීවිත හිස් වෙයි මදු බඳුනේ
පන්සිළු අා විලසින විගසේ
කන් කළුවෙන් සාදය සතොසේ
නන්දන උයනක වාගේ
නිම් නැති අත්තල නාදේ
නංවයි සක්සල රාවේ
නූපුර කිංකිනි ජාලා
නැලවෙන නර්තන සේනා
මිහිබට සුරඟුන් සේ මා
පිනවන දුටු දන සෑමා
සඳ සොමියෙන් වෑහුනා
සිත සිත රස ගෑවුනා
මන කොඳ මල් පීදුනා
දන මන පොබයන යාමේ
එලඹෙන දවසට ආයේ
දල්වයි දිවි අනුරාගේ
අඳුරට පුර හඳ වාගේ
සුව සිතිවිලි වෑහෙනා
රැය අඳුරෙන් නිසා
සුභ සිහිනය යාවුනා
මීදුම උතුරන සඳ පානේ
මීවිත හිස් වෙයි මදු බඳුනේ
පන්සිළු අා විලසින විගසේ
කන් කළුවෙන් සාදය සතොසේ
නන්දන උයනක වාගේ
නිම් නැති අත්තල නාදේ
නංවයි සක්සල රාවේ



Writer(s): Rohana Weerasinghe



Attention! N'hésitez pas à laisser des commentaires.