Ganga - Aura paroles de chanson

paroles de chanson Aura - Ganga




ගඟ අද්දර මා
සිහිල් සෙනෙහෙ සැනහී
හද සන්තක විය
අනුහස් ආසිරි ගී
ඔබ හමුවේ මා
මුව ගොළු වූවා
ගඟ අද්දර පෙම්
කැඳවුම් රස දැහැනේ
ඉහ ඉද්දර පිපි
ප්රාර්ථනා සිහිනේ
පිබිදුනි ආශා
ගිනි සිළු සේමා
මල්සර දුනු වර
ළමැද හොවාලා
ඉරණම් පවස නිවා
සන්සුන් වූ තරමින්
නොසැළෙනවද
බාලේ බැඳි රන්දම්
ඔබ හා ආයේ ආයේ පෑහී
තුෂාර සුසුම් හුවා
චමත්කාරයේ රන් රේඛා
අප සැලෙන හදින් දුටුවා
ගඟ ඉද්දර බිම්
තෙපුල් පවන් අතරේ
මන පුෂ්පිත මුදු
සුපුල් සිනා විසිරේ
මා හද රහසේ
බැඳුනා පහසේ
ගඟ දිය රැළි ඔබ
නාඩන් කිසි දවසේ
ගඟ දිය සුළි මැද
උණුසුම් සුව ගැවසේ
ඔබ රුව ඡායා
සැඟවේ පායා
මල්සර දුනු වර
ළමැද හොවාලා
ඉරණම් පවස නිවා
සන්සුන් වූ තරමින්
නොසැළෙනවද
බාලේ බැඳි රන්දම්
ඔබ හා ආයේ ආයේ පෑහී
තුෂාර සුසුම් මුවා
චමත්කාරයේ රන් රේඛා
අප සැලෙන හදින් දුටුවා
ඔබ රුව ඡායා
සැඟවේ පායා
ඔබ රුව ඡායා
සැඟවේ පායා





Attention! N'hésitez pas à laisser des commentaires.