RUDEBOYRAY feat. Kamaj - Thanamalvila Kollek - Red Edition paroles de chanson

paroles de chanson Thanamalvila Kollek - Red Edition - RUDEBOYRAY feat. Kamaj




Kamaj
මලේ මලේ මලේ...
හේන් කොටනා මලේ...
අපේ ගමේ...
සුවඳ තාමත් දැනේ...
හිත ගිය තැන මාළිගාව
මගේ හිත බොබ් මාලේ ගාව
හීන ගොඩක් තදකරන් තාම
ගෙනියන මගේ ජීවිකාව
අපිට එකම පිහිට වැස්ස තාම
පොළේ විකුණලා පලදාව
මෙහෙම ගත කරමු ජීවිකාව
මගේ හිත පැටව් දෙන්නා ගාව
යුද්ධෙ ඉවරවෙලා අවුරුදු දොළහයි මගේ රට තාමත් මිනී වලේ
කන්න - බොන්න නැති හින්දයි ගෑණියි, ළමයින් එක්කලා හේන් කළේ
කොහොමද අපි යහතින් ඉන්නේ? කෝ උඹලගෙ පොහොරෙන් සහනේ
අල ගොවියයි, හාල් ගොවියයි ඉන්නෙ එල්ලිලා ගෙදර ඉස්තෝප්පුවේ බාල්කේ
අපේ කොල්ලෝ මරාගද්දි අපි උන්ගෙ පවුලේ උන්ට ගිනි දිදී
ගෙදර ආපු විට ඔළුව විකාරයි හැදිලා අපිටත් P.T.S.D.
මූණිස්සම් කෑලි පපුතුරේ, හුස්ම ඉවරයි දිවි මගේ
අපි වලපල්ල ට, උන් රජ පුටුව ට, කරුමෙට ඉපදුනේ පින් බිමේ
RUDƎBOYRAY
කණ හරහා මොළය
දීග දුන්න ලොකු අක්කා ගියේ නැතුවමයි රත්තරං කණ-කරේ
කැම්පස් ගිය පොඩි මල්ලි "අටවක පුත්තු" කියවලා දැන් වමේ
තිබ්බෙ නැද්ද අම්මේ හඳහනේ මගේ, වවයි කියලා මං රැවුලයි-කොණ්ඩෙයි
නැත්තන් ලියවිලා ඇති බව ඉරණම ආමි කිටෙයි, තුවක්කුවෙයි, උණ්ඩෙයි
යාර 30ක් වෙඩි තියාගන්න බැරි බෝර 12 අරන් පැල් රැක්ක මං
නාඩි වැටෙන වේගෙන් ආටි වැදිලා මළ උන්ගේ කෑලි පෝර ගෝනි දැක්කා බං
උඹ අවුරුද්ද දුන් කමිසෙ විතරයි තිබ්බෙ ඒකත් දැන් අවර්ණයි - පරණයි
එකතු වුණ දුක හදවතින් විඳිනවා, මරණ යි - ර් යි - වරම යි - තරම යි
අව් කාෂ්ඨකේ කර වෙවී ඉල්ලන්නෙ වැස්සයි උඩ බලන් පින් දිදී
තණමල්විල කිව්ව ගමන් උඹලා ඔළුව එන්නෙ sin-city
නිවාඩුව පොඩි එවුන් බලන්න එන්නෙ බලාපොරොත්තු පොදි බැඳගෙනයි මං ගමේ
කූඹි නැගපුදෙන් පිට්ටුව මං අද රෑට කන්න ඉන්නෙ උඹවයි මගේ නඟේ
හේ.හේ.
තණමල්විල ගමේ...
උඹේ ඇඟේ...
හේ.හේ...
මගේ සුවඳත් දැනේ...
RUDƎBOYRAY and Kamaj
මලේ.
හේන් කොටනා මලේ...
අපෙ ගමේ
හේ හේ...
සුවඳ තාමත් දැනේ...
මලේ...
හේ හේ...
තණමල්විල මලේ...
උඹෙ ඇඟේ...
ගමේ සුවඳත් දැනේ...
මලේ... මලේ... මලේ...
හේන් කොටනා මලේ...
අපෙ ගමේ හේ.හේ...
සුවඳ තාමත් දැනේ...
මලේ... හේ හේ...
තණමල්විල මලේ...
උඹෙ ඇඟේ...
ගමේ සුවඳත් දැනේ...



Writer(s): Kamaj Silva


RUDEBOYRAY feat. Kamaj - Thanamalvila Kollek (Red Edition)
Album Thanamalvila Kollek (Red Edition)
date de sortie
15-07-2023



Attention! N'hésitez pas à laisser des commentaires.