Raini Charuka - Nobala Ma Diha (Live) paroles de chanson

paroles de chanson Nobala Ma Diha (Live) - Raini Charuka




නොබලා මා දිහා ඔයා
යනවා කාගෙදෝ වෙලා
සඟවා වේදනා දරා
හැමදා ආදරේ කලා
ඔබ නොඑනා නිසා කවුරුත් එපා
තනිවීලා ඉන්නවා
සිනාවන් ගෙනා වසන්තේ දමා
කොහේ යන්නදෝ පියාබලා
ඔයාගෙන් එහා ලොවක් නෑ මවා
මගේ ජීවිතේ වගේ ඔයා
පෙම් කෙරුව අතීතේ
වෙන් වී ගියා
මාගේ බව කීව ඔබ දැන්
ඇයගේ වෙලා
දැනෙනා මිලාන වේදනා
සඟවා හිදින්න බෑ සදා
ඉකිගා හඬාන රෑ පුරා
පෙර පෑ සිනාව සේදුනා
බලාන ඉන්නවා සිතා
සිනාවන් ගෙනා වසන්තේ දමා
කොහේ යන්නදෝ පියාබලා
ඔයාගෙන් එහා ලොවක් නෑ මවා
මගේ ජීවිතේ වගේ ඔයා
සන්තෝස යාමේ රහසින්
බොඳවී ගියා
දුක්වින්ද කාලෙ සැනෙකින්
ලැබිලා මෙදා
මතකේ තියාන කී කතා
දිවියේ පුරාම ඉන්නවා
මට දාලා යන්න බෑ ඔයා
නොපමාව එන්න මා සොයා
සමාව තියෙනවා සදා
සිනාවන් ගෙනා වසන්තේ දමා
කොහේ යන්නදෝ පියාබලා
ඔයාගෙන් එහා ලොවක් නෑ මවා
මගේ ජීවිතේ වගේ ඔයා
නොබලා මා දිහා ඔයා
යනවා කාගෙදෝ වෙලා
සඟවා වේදනා දරා
හැමදා ආදරේ කලා
ඔබ නොඑනා නිසා කවුරුත් එපා
තනිවීලා ඉන්නවා



Writer(s): Kapilan Kugavel



Attention! N'hésitez pas à laisser des commentaires.