paroles de chanson




ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා!
වාද නැතී, බේද නැතී
ලස්සන ලොව හෙට අපට උදා වේවා!
මනුස්සකම් අහක දමා
ජාතිවාදයෙන් උදම් අනා
සතුරු කමින් පිල් බෙදිලා
මිනිසා මුලා වෙලා
ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා!
වාද නැතී, බේද නැතී
ලස්සන ලොව හෙට අපට උදා වේවා!
වැටුණු කෙනෙකු හට නැගී සිටින්නට
අත දෙන්නට පැකිලෙන්න එපා
ඔහුගේ රට, ජාතිය, ආගම
කුල, ගොත ගැන හොයන්නෙපා
සාමයේ ගීතිකා පතුරාලා මුළු ලෝ තලේ
එක යායේ වාස වෙමු සැමදා එකට බැඳී
ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා!
වාද නැතී, බේද නැතී
ලස්සන ලොව හෙට අපට උදා වේවා!
ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා!
වාදම් ඉල්ලෛ, බේදම් ඉල්ලෛ
අලග්හිය උලහම් නාලෛ මලපිරන්ද!
ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා!
වාද නැතී, බේද නැතී
ලස්සන ලොව හෙට අපට උදා වේවා!
ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා!
වාද නැතී බේද නැතී
ලස්සන ලොව හෙට අපට උදා වේවා!



Writer(s): Ananda Padmasiri, Hemasiri Halpita



Attention! N'hésitez pas à laisser des commentaires.
Chargement
Chargement