Victor Rathnayake - Pembara Madu Mage paroles de chanson

paroles de chanson Pembara Madu Mage - Victor Rathnayake




පෙම්බර මධු මගේ
මා නැතේ ඔබෙන් මිදුනේ
සුරූපී දේහ විලාසේ
මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ
පෙම්බර මධු මගේ
ලොවේහි ඈත අනන්තේ
පැලක් තුලේ නොපෙනී
ඇතත් හොරෙන් හැංගීලා
මගේ දුකත් නොදැනී
අරන් එමි ඔබ කැන්දා
ඇසිල්ලකින් පැමිණී
සුරූපී දේහ විලාසේ
මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ
පෙම්බර මධු මගේ
වඩාලා දෝත පුරාලා
පරෙවි කුමාරිය සේ
සුගන්ධ මල් යහනාවේ
හොවා පෙමින් සිතුසේ
පවන් සලා ඔබ සනසම්
ලදල්ලකින් සුවසේ
සුරූපී දේහ විලාසේ
මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ
පෙම්බර මධු මගේ
අපේම පාළු විමානේ
නිසංසලේ සහනේ
අමා පැනින් මත්වීලා
ඔබේ දෙතොල් බඳුනේ
එබෙන්නෙමි රස මදිරා
පෙරුම් පිරූ ලෙසිනේ
සුරූපී දේහ විලාසේ
මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ
පෙම්බර මධු මගේ




Attention! N'hésitez pas à laisser des commentaires.