Windy Goonatillake - Tharu Eliye (Live) текст песни

Текст песни Tharu Eliye (Live) - Windy Goonatillake




තරු එළියේ
ඔබ හා මා ගිය දිනයේ
සිත මා සුසුම් හැඟුම් මැකුනා සේ
රජ දහනේ
රජ කුමරිය වූ දිනයේ
පැතුවේ ඔබේ ලොවයි මතු දිවියේ
සීතල පින්නට මගේ හිස තෙමුනා
ඈතින් ඈතට මගේ හිත යැවුනා
පුළුන් රොදක් සේ මගේ සිත මට දැනුනා
රජ දහනේ
රජ කුමරිය වූ දිනයේ
පැතුවේ ඔබේ ලොවයි මතු දිවියේ
වෙහෙස නිවා,
ඝන අඳුරේ
සිසිල සදා,
තරු එළියේ
පියමැනලා,
මල් ගොමුවේ
ඔබ දුටු දා,
මතක තියේ
ජීවිත කාලය ඔහු වෙත පිදුනා
ආදර චන්දන සුවඳින් පිරුනා
පිණි කැට මත ඔහු හා මා තනි කෙරුනා
තරු එළියේ
ඔබ හා මා ගිය දිනයේ
සිත මා සුසුම් හැඟුම් මැකුනා සේ
රජ දහනේ
රජ කුමරිය වූ දිනයේ
පැතුවේ ඔබේ ලොවයි මතු දිවියේ



Авторы: Rookantha Goonatillake


Windy Goonatillake - Untitled (Live) - EP
Альбом Untitled (Live) - EP
дата релиза
21-07-2019




Внимание! Не стесняйтесь оставлять отзывы.