Dhanith Sri - Aprakashitha текст песни
Dhanith Sri Aprakashitha

Aprakashitha

Dhanith Sri



Текст песни Aprakashitha - Dhanith Sri




නුඹ මගේ නොවෙයි
මා නුඹෙ නොවෙයි
අපි අපේ නොවෙයි
ඉතින් මක් වේදෝ
නුඹ නැති ලොවේ
තනිකම දැනෙයි
නුඹ ලග මා
ගොලු වී යයි
හීන ළග තියා
මා හැර ගියා යන්න
දමා අද...
ඇගෙ හිත තලා
ඈතක පියාඹන්න
කම් නැතේ
අප්රකාශිතයි ආදරේ...
හිත ගිය තැන
හැදුවෙමි මාළිගාව
හිත නැවතුනා
පුදුමයි ඔයා ගාව
පිළිවෙළක් නැති
මගේ ලෝකේ හැදුවාට
ලග නැතුවට
ආදරෙයි හැමදාම
ඔයා දුන්නු හැමදේම
ඇද ගාව
තියනවා ඉදහිට
බලනවා තාම
දිළිසෙන තරු ඇති
කළුවර රෑක
තනි තරුවකි තවමත්
හද ගාව...
මට කියල දෙන්න ආදරේ කරන හැටි
කවදාවත් මදි අඩුපාඩුවක් නැති
මම හරි ඇති නැත්තන් වැරදි ඇති
ඒත් හිත කියන දේට මම ඇහුන්කන් දෙමි
මගෙ ලෝකෙ ඔයා වුනා
මට මාව නැති වුනා
කාලෙත් එක්ක තේරුම් ගත්තා ඔයා දුකක් කියා
ලෝකෙට පේන්නෑ මං ඔයගෙ කියා
මට මාවවත් අයිති නෑ නෙ තව මොන කතා
කාලෙත් එක්ක එලියට ඒවි සතා
බොරුවට පේන්න වෙන්න වෙයි හිනා
චූටී තේරුම් ගනී කාලෙත් එක්ක ඔයා
දෙන්නෙක් එක්කෙනෙක් කරන්න බෑ බං ඔය බොරු කතා
ඔයා මගෙ තමයි හිත කියනවා තාමත්
ඔයා හොඳින් ඇති හිත දුවනවා තාමත්
නමුත් යටි හිතින් දකිනවා ඇත්ත
තාමත් දැක දැක කොහොමද මම ඉන්නෙ තව තවත්
අපි ගිය තැන් වල මට මතක මැවී
පෙනෙනව අදටත් අපි හිටපු හැටි
මතකය ඇවිලෙන මනසින් මිදී
පිය මනිනව මම මාවතක තනී
මම කොහොමද රිද්දන්නෙ ඔය පුංචි හිත
කඳුලින් තෙත් කලත් ඔය ඇස් දෙක
අනාගතේ පේන මහ ප්රශ්න කන්දම දැක
මම යමි නිදහස හොයාගෙන නොයෙන්නම
නුඹ මගෙ වෙන්න ඕනෙ කිය නීතියක් තියෙද
ඉපදුනු දවසෙ ඉඳන් අපි දැක්කෙ ඕක
බැඳීම් ඇති කරගැනීමම දුකක් නේද
නුඹ නොදැනිම කියා දුන්නා ජීවිතය මට
හීන ළග තියා
මා හැර ගියා යන්න
දමා අද
ඇගෙ හිත තලා
ඈතක පියාඹන්න
කම් නැතේ
අප්රකාශිතයි ආදරේ...



Авторы: Dhanith Sri


Внимание! Не стесняйтесь оставлять отзывы.