Funky Dirt - Ada Ape Thaththa текст песни

Текст песни Ada Ape Thaththa - Funky Dirt



අද අපේ තාත්තා ගෙදර ඇවිල්ලා
අඩිය පොලොවෙ ගහලා
මවෙත ඔරවලා අහපුදේට මට
කට උත්තර නෑනේ
කාතෙක්ක බොල තෝ බස් හෝලට් ගානේ
අත් අල්ලන් ඉන්නේ
බෝ ගහ හන්දියෙ හෝල්ට් එක ගාවයි
මං තොගෙ වැඩ දැක්කේ
ඒකද තාත්තේ මගෙ කෙල්ලයි
ඔබෙ ලේලිය වන්නේ
කියපු ගමන් කන හරහට පාරක්
තාත්තා මට ගැහුවේ
අයි අයි අයි උවයි අම්මියෝ
මෙන්න තාත්තා ගහනෝ
අයි අයි අයි උවයි අම්මියෝ
එලව එලව ගහනෝ
ගහනවෝ බනිනවෝ
එලව එලව තාත්තා ගහනෝ
ගහනවෝ - බනිනවෝ
එලව එලව තාත්තා ගහනෝ
ලව් එක මගෙ නැගලම යනකොට
දෛවයෙ සරදමදෝ
පැණි හල හල හිටි මම අප්පොච්චට ඇයි අසුවුනිදෝ
අපට මෙතරම් බාධාදෝ
එහෙනම් ඉදගෙන හිටගෙන
පෙරලි පෙරලි එලිවෙනකන් මල් කැඩුවා
අද ෆොන් එකවත් නෑ අපෙ අප්පොච්චා
පොලොවෙ ගහලා කැඩුවා
අද ෆොන් එකවත් නෑ අපෙ අප්පොච්චා
පොලොවෙ ගහලා කැඩුවා
රුම්බාරේ කාලේ උම්බලාවගේ නොවේ අපි
කාලකණ්නි වැඩ කෙරුවේ නෑ
කොහොමද කාලෙ තාත්තේ මේ වගෙ නෑනේ
ඉන්ටර්නෙට් ෆේස් බුක් තිබ්බෙ නෑ
(ඔහෙ හිටු)
අයි අයි අයි උවයි අම්මියෝ
මෙන්න තාත්තා ගහනෝ
අයි අයි අයි උවයි අම්මියෝ
එලව එලව ගහනෝ
ගහනවෝ බනිනවෝ
එලව එලව තාත්තා ගහනෝ
ගහනවෝ බනිනවෝ
එලව එලව තාත්තා ගහනෝ



Авторы: Shenal Maddumage


Funky Dirt - Ada Ape Thaththa
Альбом Ada Ape Thaththa
дата релиза
11-12-2012




Внимание! Не стесняйтесь оставлять отзывы.