Текст песни




අපි සන්තෝසෙන් ඉන්නේ දුක ශෝකය නෑ දන්නේ
අය්යා මල්ලී වාගේ අය්යා මල්ලී
එක හැලියේ බත් කන්නේ එක සෙව්නේ නිදියන්නේ
අය්යා මල්ලී වාගේ අය්යා මල්ලී
අපෙ සිත්වල නෑ ක්රෝදේ විහිළුවටයි විවාදේ
අනුනට නෑ ඔරවන්නේ අවිහින්සක ලෙස ඉන්නේ
සැපතේ විපතේ වේවා එක්වී එකටම ආවා
අය්යා මල්ලී වාගේ අය්යා මල්ලී
සින්හල රජිඩෙකු පෙරදා මිතුදමේ අගය පහදා
තම හිතවත්කම පෙන්වා මහ ගිනිමලයට පැන්නා
දුක සැප දෙකේම වාසෙ ඇදි බිත් සිතුවම් රූසේ
අය්යා මල්ලී වාගේ අය්යා මල්ලී
හැමදා උපදින වාරේ හමුවේවා සංසාරේ
කවදත් එකටයි ඉන්නේ කිසිවිට නෑ වෙන් වන්නේ
ජීවිතේ මිහිර විදිමු ප්රීතියෙන් ගීත ගයමු
අය්යා මල්ලී වාගේ අය්යා මල්ලී



Авторы: Hr Jothipala



Внимание! Не стесняйтесь оставлять отзывы.
Загрузка
Загрузка