Текст песни




මගෙ අත ඔබට හැර හිතවතියකට වෙන
දුන්නොත් මගේ ජීවිතයකි කදුළු බොන
මිනී වලක මා යටකර තබන දින
වැහි නැති අකුණු පුපුරයි මගෙ වලට පැන
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්
ශෝකය දුක ආවත් මට කොයි තරම්
මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන්
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
අසරණ මා අමතක කෙරුවත් ඔයා
සිතුවාද ඔබව මට අමතක වෙයි කියා
අසරණ මා අමතක කෙරුවත් ඔයා
සිතුවාද ඔබව මට අමතක වෙයි කියා
එහෙම කලොත් යම්කිසි දවසක මෙමා
හමුවන්නෙ ඔබට මේ මගෙ මල කඳ තමා
එහෙම කලොත් යම්කිසි දවසක මෙමා
හමුවන්නෙ ඔබට මේ මගෙ මල කඳ තමා
සෝකය දුක ආවත් මට කොයි තරම්
මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන්
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
මල් කුමරියො හිටියත් කොතරම් කැලේ
සැවොම පරාදයි පැහැයට ඔබෙ තොලේ
මල් කුමරියො හිටියත් කොතරම් කැලේ
සැවොම පරාදයි පැහැයට ඔබෙ තොලේ
එක් වෙන්නට නොහැකි උනොත් රන්කදේ
සැනසෙමු දෙන්නම එක තැන එක මිනි වලේ
එක් වෙන්නට නොහැකි උනොත් රන්කදේ
සැනසෙමු දෙන්නම එක තැන එක මිනි වලේ
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්
ශෝකය දුක ආවත් මට කොයි තරම්
මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන්
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්



Авторы: Hr Jothipala Copyright: Sentric Music Publishing Ltd



Внимание! Не стесняйтесь оставлять отзывы.
Загрузка
Загрузка