Kasun Kalhara feat. Raj Thillaiyampalam - Akasa Gange текст песни

Текст песни Akasa Gange - Raj , Kasun Kalhara




ආකාස ගඟේ වලාවේ වෙලී
සීමාව සොයා සිසාරා ඇදී
එමි ආදරේ සිත සාදමී
මුදු හාදු දී හදගිනි නිවමී
සුළඟ හෙමිහිට හැමුවාවේ
කොහෙද ඇය මට කිව්වාවේ
පෑයූව සඳේ ආකාසේ රැඳී
ඈවාගේ දිලී
රිදවයි නුඹ හිනැහී
ඉන්නා සිහි මැදුරේ
ලා අඳුරේ මේ යාමේ
පාවීදෝ ගී රාවේ
ඒදාහි සන්තාපේ
හඬනා හඬ දෝ ඇයගේ
දෑසේම පායා රෑ සීන ගේනා
කෝ සොයා දැවෙමී
පෑයූව සඳේ ආකාසේ රැඳී
වාගේ දිලී
රිදවයි නුඹ හිනැහී
රෑ බෝවී ආවාවේ
දී දුක දී හේමන්තේ
නෑ එන්නේ මල් වාරේ
සරසාලා හිසකේ
මතකේ සුසුමේ සිරවේ
දෑසේම පායා රෑ හීන ගේනා
කෝ සොයා දැවෙමී
පෑයූව සඳේ ආකාසේ රැඳී
වාගේ දිලී
රිදවයි නුඹ හිනැහී
ආකාස ගඟේ වලාවේ වෙලී
සීමාව සොයා සිසාරා ඇදී
එමි ආදරේ සිත සාදමී
මුදු හාදු දී හදගිනි නිවමී
සුළඟ හෙමිහිට හැමුවාවේ
කොහෙද ඇය මට කිව්වාවේ
පෑයූව සඳේ ආකාසේ රැඳී
ඈවාගේ දිලී
රිදවයි නුඹ හිනැහී




Kasun Kalhara feat. Raj Thillaiyampalam - Akasa Gange
Альбом Akasa Gange
дата релиза
14-02-2012




Внимание! Не стесняйтесь оставлять отзывы.