Raj feat. Theekshana Anuradha - Amma (Sinhala) [feat. Theekshana Anuradha] текст песни

Текст песни Amma (Sinhala) [feat. Theekshana Anuradha] - Theekshana Anuradha , Raj




තුරුපත් සැලෙනා සිසිලේ
නුබ පියමැන්නා සුවසේ.
ඇස් දෙක වැසෙනා මොහොතේ...
නුබ ලඟින් මගේ...
තුරුලු වෙන්න ආසයි නුබගේ
සුවඳ දැනෙන හද පතුලේ
අකුරු තුනක සැඟවූ නුබගේ
අපිරිමිත සෙනේ...
අම්මා නුබ පෙනෙනා ලෝකේ.
දෙවියනුයි මගේ.
අම්මා නුබ දෑස මානේ
ලෝකයයි මගේ.
වැටෙන කදුලු මුතු කරවා...
මාගේ ලොව සදා...
අදුර වැටුන බියද දැනෙන
මාවතෙන් මුදා...
යන්න පුතුනි මඟ මෙයමයි
ආදරෙන් කියා...
ලොවම දිනන දෙස බලලා නුබ
සිතින් රජ උනා...
අම්මා නුබ පෙනෙනා ලෝකේ.
දෙවියනුයි මගේ.
අම්මා නුබ දෑස මානේ
ලෝකයයි මගේ.
දැවෙන සසරෙ යලි කිසි දා.
හමුවන්න එපා...
යලිත් දිනක හමුවන ලෙස යන්න යන නිසා...
සිතට දැනෙන මේ දුක නිම්
නැවත මට එපා...
අම්මේ නුබෙ සෙනෙහස නැතිදා...
දුකද නෑ නිමා...
අම්මා නුබ පෙනෙනා ලෝකේ.
දෙවියනුයි මගේ.
අම්මා නුබ දෑස මානේ
ලෝකයයි මගේ.
තුරුපත් සැලෙනා සිසිලේ
නුබ පියමැන්නා සුවසේ.
ඇස් දෙක වැසෙනා මොහොතේ...
නුබ ලඟින් මගේ...
තුරුලු වෙන්න ආසයි නුබගේ
සුවඳ දැනෙන හද පතුලේ
අකුරු තුනක සැඟවූ නුබගේ
අපිරිමිත සෙනේ...





Внимание! Не стесняйтесь оставлять отзывы.